(අනීෂා මානගේ)
උපාධි සමානාත්මතාව වෙනුවට උපාධිය ඉල්ලා අද(28) තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවේ සිසුහු පිරිසක් ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතා අත්සන් දෙදහස් පන්සීයක් ලබා ගැනීමේ වැඩසටහනකට එක්ව සිටියහ.
තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන පළමු, දෙවන, තෙවන සහ සිවුවැනි වසරවල සිසුන් පිරිසක් මේ සඳහා එක්වූහ.
සාමාන්‍ය උපාධියකට අවශ්‍ය සාමාර්ථ ප්‍රමාණය ඉක්මවා තම පාඨමාලාව මගින් සාමාර්ථ 132ක් ලබා ගත්තද ඒ සඳහා උපාධිය තවමත් හිමිව නැතැයි ශිෂ්‍යයෝ කියති. උපාධි සමානාත්මතාව වෙනුවට තම පාඨමාලාවටත් උපාධිය හිමිවිය යුතු බව ඔවුහු කියති.
මෙම කරුණ මුල්කරගෙන දිවයින පුරා උසස් තාක්ෂණ ආයතනවල ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාවල සිසුන් හෙට(29) කොළඹදී උද්ඝෝෂණයක්ද පැවැත්වීමට නියමිතව තිබිණි.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීම සහ ජනතා අත්සන් 2500ක් ලබා ගැනීම අද(28) තංගල්ලේදී සිදුවිය.


2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
තංගල්ල උසස් තාක්ෂණ ආයතනයේ සිසුහු වීදි බසිති
mahinda Tuesday, 28 January 2020 09:32 AM
උපාධිකාරයෝ දහස් ගණනක් උන්නත් උසස් තාක්ෂණිකයේ අය රැකියාවක් නැතුව හිටියේ නැහැ. උපාධිය ට සම නම් උපාධියෙන් කරන්න පුළුවන් දේවලුත් කරන්න පුලුවන් නේද ? මම හිතන්නේ එචි.එන්.ඩී.ඒ එක උපාධියට වඩා ජොබ් ඔර්යන්ටෙඩ් කියලා.