IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


තේක්ක ගසේ උපවාස කළ කත බිමට බසී

(නිශාන්ත කුමාර)

තමන් පදිංචිව සිටින මහවැලි අධිකාරියට අයත් ඉඩමට  මෙතෙක් කලක්  බලපත්‍රයක්  ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධතාව දැක්වීම පිණිස සිය ගෙවත්තේ  අඩි 30 ක් පමණ උස තේක්ක ගසකට නැග උපවාසයක් ආරම්භ කළ කාන්තාව අද (23) දහවල් මහවැලි කාර්යාලයෙන් ලද කැදවීමක් මත ගසින් බිමට බැස උපවාසය අත් හළ බව ගිරාදුරුකෝට්ට පොලිසිය   පවසයි.

ගිරාදුරුකෝට්ටේ පොලිස් වසමට අයත් අංක 10 තෙල්දෙණියාය, ගිරාදුරුකෝටිට  ලිපිනයේ පදිංචි සමන්ති කුමාරි (30) නැමැති කාන්තාව  විසින් මෙම උපවාසය ආරම්භ කර තිබිණී.

ඇය ඊයේ (22) දහවල්  නිවස අසල තිබූ තේක්ක ගසකට නැගී මෙම උපවාසය ආරම්භ කල අතර සවස 7.30 පමණ වන තුරුත් වග කිවයුතු නිලධාරියකු එහි නොපැමිණීම නිසා ගසින් බිමට බැස උපවාසය තාවකාලිකව නවතා දැමූ අතර යළිත් අද (23) උදෑසන එම ගසටම නැගී උපවාසය ආරම්භ කරනු ලැබීය.

කෙසේ වෙතත් මහවැලි අධිකාරිය මගින් අද (23) උදෑසන කරන ලද දැනුම් දීමක් මත   මහවැලි කාර්යාලය වෙත යාම සඳහා අද (23) දහවල් 11.30 ට පමණ ඇය තේක්ක ගසින් බිමට බැස තිබූ බව ගිරාදුරුකෝට්ට පොලිසිය   පවසයි.

 



අදහස් (0)

තේක්ක ගසේ උපවාස කළ කත බිමට බසී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32397 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14898 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 103 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1310 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site