IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඩෙවොන් රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ

(රංජිත් රාජපක්ෂ)
                       
හැටන් දිඹුල ඩෙවොන් රක්ෂිතයේ ඊයේ (24) පස්වරුවේ හටගත් ගින්න පාලනය කළ බව දිඹුල පොලිසිය පැවසීය.
 
ඩෙවොන් දිය ඇල්ල ආසන්නයේ හටගත් ගින්න වන වගා රක්ෂිතය දක්වා පැතිර ගොස් හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගය ආසන්නයටම පැතිර ගිය බව පොලිසිය කීය.
 
ප්‍රධාන මාර්ගය අසල තිබූ නිවාස දෙකක් ආසන්නයට ගින්න පැතිර ගිය අවස්ථාවේ දිඹුල පොලිසියේ නිලධාරීන් , තලවකැලේ පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න පාලනය කළ බව දිඹුල පොලිසිය කීය.
 
කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිනි නිවන ඒකකය සහ හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවන ඒකකයේ භට පිරිස් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පොලිසිය පැවසීය. කොත්මලා ඔයේ දිය නෑමට ගිය අයෙකු හෝ කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25 ක පමණ කොටසක් විනාශ වී ඇති බවත් දිඹුල පොලිසිය පැවසීය



අදහස් (0)

ඩෙවොන් රක්ෂිතයේ හටගත් ගින්න පාලනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site