IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඩල්ජිත් අලුවිහාරේගේ සහය ගෝඨාභයට

(මහේෂ් කිර්තිරත්න)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා තම සහය ලබා දෙන බව මාතලේ මහ නගරධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහ නගර සභාවේ අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා මෙසේ පැවසීය.

බහුතර ජනතාවගේ කැමැත්ත අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වුණා.වසර 30ක් තිස්සේ මේ රට වෙලාගෙන තිබුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරීමට යුද හමුදාව ප්‍රමුඛ ඒ සියලු දෙනාට නායකත්වය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි.

කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කළා.නාගරික සංවර්ධන අධීකාරිය මගින් ඒ දේවල් සිදු කළා.වර්තමානයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා රජයක් ලෙස ගෙන යන වැඩපිළෙවලට අපේ උපරිම සහය ලබා දෙනවා.

ජනාධිපතිවරණයෙන් පස්සේ මාතලේ නගරයේ තුළ යම් භිෂණකාරි තත්වයක් ඇති වෙලා තිබෙනවා.මේ පිටුපස යම් දේශපාලන හස්තයක් ඇති බවට මා විශ්වාස කරනවා.මාතලේ නගරයේ මේ වන විට බස් නැවතුම්පොලවලින් නැවත අයථා විසිහට මුදල් එකතු කිරිමේ කටයුතු සිදු වෙනවා.

නගරාධිපතිධූරයට පත් වුවාට පසුව මම මේ සියල්ල නවත්වලා තිබුණේ.අපි ක්‍රමවත් ලෙස මාර්ග තදබදය අවම කිරීම සඳහා වැඩකටයුතු සිදු කළා.නමුත් වාහන නැවතිමේ තහනම් ස්ථානවල මේ වන විට වාහන නවත්වා තියනවා.විශේෂයෙන් ධර්මපාල මාවත වැනි විථිවල මේ තත්වය තියනවා.

නගරයක් ලෙස සංවර්ධන කටයුතු සිදු කරගෙන යන විට විවිධ අය කකුලෙන් අදිනවා.මේ පිළිබඳව මා අභිනව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත දැන්වුවා.

නගර සභා සේවකයින්ට මේ වන විට ඇතැම් මැර කණ්ඩායම් විසින් පහරදිමට පටන්ගෙන තියනවා.විශේෂයෙන් ඩෙංගු මර්දන කටයුතු සිදු කළ සේවකයින් වෙත පහරකෑමට ලක්ව තියෙනවා.පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි.රටේ සියලු දෙනාට එක නීතියක් බවට පත් කළ යුතුයි.

පසුගියදා මා හට මරණීය තර්ජන එල්ල කළා පිරික් විසින් ප්‍රසිද්ධියේ.මේ පිළිබඳව මා පොලිසියට පැමිණිලි සිදු කළා.නමුත් තාම පරීක්ෂණ පැවැත්වෙන්නේ මන්දගාමී ලෙසයි.

අපි සාමකාමී ලෙස මේ නගරයේ මැතිවරණ කටයුතු පැවැත්වුවා.නමුත් මැතිවරණයෙන් පස්සේ නගරය තුළ යම් භීෂණකාරී තත්වයකට මුහුණ දීමට සිදුව ඇති බවද අලුවිහාරේ මහතා පැවසීය.

 



අදහස් (0)

ඩල්ජිත් අලුවිහාරේගේ සහය ගෝඨාභයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site