එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පාලකවරයාගේ පවුලේ සාමාජිකයෙකුට අයත් මාලිගාවක සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලාංකික ගෘහසේවිකාවන් දෙදෙනෙකු එම චෝදනා වලින් නිදොස් කිරීමට ඩුබායි අධිකරණය තීරණය කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
මෙම ලාංකික සේවිකාවන් දෙදෙනා එම සොරකමට සම්බන්ධ වී නැතැයි ඊට සම්බන්ධ නඩු විභාගයේදී අධිකරණය හමුවේ ඊයේ (13) හෙළිදරව් වීමත් සමග ඔවුන් දෙදෙනා එම චෝදනා වලින් නිදහස් කර ඇත.
ඉකුත් මාර්තු මාසයේදී ඩුබායි පාලකවරයෙකුට අයත් මාළිගාවක තිබූ වටිනා ස්වර්ණාභරණ තොගයක් හා ස්මාර්ට් ජංගම දුරකථන කිහිපයක් සොරකම් කිරීමේ සිද්ධියක් වාර්තා වූ අතර මේ සම්බන්ධයෙන් සැකපිට එම මාළිගාවේ සේවය කළ ලාංකික ගෘහසේවිකාවන් දෙදෙනෙකු ඩුබායි පොලිසීය අත්අඩංගුවට ගෙන නඩු පැවරීය.
නමුත් මෙම සොරකමට අදාළ පරීක්ෂණ පැවැත්වීමේදී මොවුන් දෙදෙනා ඊට සම්බන්ධ බවට ඩුබායි පාලකවරයාගේ පවුලේ සාමාජිකයින් චෝදනා නොකිරීමත් සමග ඔවුන්ට එරෙහිව පැවති සොරකම් කිරීමේ චෝදනාව ඉවත් කිරීමට තීන්දු කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් අදාළ චෝදනාවන්ට ලක්ව සැකපිට අත්අඩංගුවට පත් ලාංකික සේවිකාවන් දෙදෙනාගේ අනන්‍යනතාවය හෙළිදරව් නොකිරීමට ඩුබායි පොලීසිය තීන්දු කර ඇත.
2025 නොවැම්බර් මස 04
659
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩුබායි එමීර් ට ලංකාවේ දෙන්නා විශ්වාසයිලු