IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ට්‍රක් - වෑන් අනතුරින් දෙදෙනෙකු මරුට


( දියතලාව - ඩී.කේ.රත්න )

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල පාසල අසලදී ගුවන් හමුදා ට්‍රක් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ගුවන්හමුදා නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මොනරාගල සිරිගල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.

තණමල්විල ප්‍රදේශයේ සිට වැල්ලවාය දෙසට ධාවනය වෙමින් තිබූ ගුවන් හමුදාවට අයත් ට්‍රක් රථයක් සහ වැල්ලවාය ප්‍රදේශයේ සිට තණමල්විල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු ලෙස සේවය කල බුත්තල කටුගහගල්ගේ ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.උපුල් ශාන්ත කුමාර (46) සහ සුදර්ශණී රේණුකා කුමාරි (49) යන අය අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

මියගිය දෙදෙනාගෙන්  ආර්.එම්.උපුල් ශාන්ත කුමාර යන අයගේ මෘත දේහය හදපානාගල රෝහලේද සුදර්ශණී රේණුකා කුමාරි යන අයගේ මෘත දේහය තණමල්විල රෝහලේද තැන්පත් කර ඇත.

කුඩාඔය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි කුඩාඔය පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



අදහස් (0)

ට්‍රක් - වෑන් අනතුරින් දෙදෙනෙකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31785 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14241 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 216 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1156 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site