(ඔගස්ටින් ප්‍රනාන්දු)
පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේදී ට්‍රැක්ටර් රථයක් අනතුරකට ලක්වී එහි ගමන් ගත් 13 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් එහි ගමන් ගත් එක් අයෙකු මියගොස් ඇති බවත් වනාතවිල්ලුව පොලිසිය පැවසීය.
බරපතල තුවාල ලැබූ පිරිස පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කීය.
අනතුරින් මියගොස් ඇත්තේ එරච්චිකුලම් විල්ලුව කිරතිව් දකුණ ප්‍රදේශයේ පදිංචිව සිටි වනසිංහ ආරච්චිලාගේ ජානක නමැති 52 හැවිරිදි පුද්ගලයෙකි.
වනාතවිල්ලුව ප්‍රදේශයේ කජු වගා බිමක සේවය කරන කම්කරුන් පිරිසක් ඊයේ (28) සවස සේවය නිමා කර නිවෙස් වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පැවසීය.
ට්‍රැක්ටර් රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවී ටේලරය කොටස ගැලවී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පැවසීය.
ට්‍රැක්ටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ට්‍රැක්ටර් රථයක් පෙරළී අයෙක් මරුට