(චන්ද්‍රසේන ගමගේ)
වලස්මුල්ල පොලිස් වසමේ කිරම හග්ගිත කන්ද ප්‍රදේශයේදී වැලි පටවා තිබූ ට්‍රැක්ටර් රථයක් ගෙවත්තක තිබූ වැසිකිලි වලක් මතින් ගමන් කරමින් තිබියදී වැසිකිල වල කඩා වැටීමෙන් වු අනතුරකින් ට්‍රැක්ටර් රථයේ රියදුරු මිය ගොස් තිබූ බව වලස්මුල්ල පොලීසිය පවසයි.
අද (15) සවස සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ කිරම කරමැටියේ පදිංචිව සිටි 28 වැනි වියේ පසු වූ අයෙකි.
වැලි පටවා ගත් ට්‍රැක්ටර් රථය වැසිකිලි වල මතින් ගමන් කරද්දී වැසිකිලි වල කැඩි ට්‍රැක්ටර් රථයේ පසුපස කොටස් වැසිකිලි වලට වැටී තිබේ.
අනතුරත් සමග සිද්ධිය වු ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු ට්‍රැක්ටර් රථය වැසිකිල වලෙන් ගොඩ ගැනීම සදහා යකඩ දම්වැලක් ආධාරයෙන් ට්‍රැක්ටරය ඇද ඇති බවත් ඉන් අනතුරුව ට්‍රැක්ටර් රථයේ ඉදිරිපස කොටසට යටවි රියදුරු මිය ගොස් තිබූ බවත් පොලීසිය පවසයි.
මියගිය අයගේ සිරුර කිරම ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කොට තිබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර ඇඹිලිපිටිය මහ රෝහල වෙත යැවීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වලස්මුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රැක්ටරය වැසිකිලි වළක් මතට කඩා වැටී රියදුරු මරුට