(කාංචන කුමාර ආරියදාස සහ මොහොමඩ් බුහාර්දීන්)
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් කාර්යාලයීය ඇඳුම්වලින් සැරසී ව්‍යාපාරිකයකුගේ නිවසකට පැමිණ, මුදල් හා රන් ආභරණ කොල්ල කා පලාගිය සිව්දෙනෙකු ප්‍රදේශවාසීන් පිරිසක් අල්ලා පොලිසියට භාරදුන් බව ගලේවල පොලිසිය කියයි.
කොල්ල කා ඇත්තේ ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මාදිපොල හතේ කණුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසක්ය.රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදල් සහ රන් ආභරණ කොල්ල කා ඇතැයි පොලිසිය කියයි.
මොවුන් ටයි පටි පැළඳ, මෝටර් රථයකින් පැමිණ හැඳුනුම්පතක්ද පෙන්වා තමන් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ බවත් රුපියල් ලක්ෂ 40 ක පමණ ආදායම් බදු ගෙවීම් පැහැර හැර තිබෙන බවත් චෝදනා කර ඇත. ඉන්පසු නිවැසියන් සාලයේ වාඩි කරවා නිවස පරීක්ෂා කර, නිවසේ තිබූ මුදල් සහ ආභරණ රැගෙන පලාගිය බවත් නිවැසියෝ කියති.
නිවැසියන්ට සැක සිතී ප්‍රදේශවාසීන් හා එක්ව යතුරුපැදිවලින් මෙම මෝටර් රථය ලුහුබැඳ, ගොකරැල්ල පොලිස් බල ප්‍රදේශය දී ඔවුන් අල්ලාගෙන ගොකරැල්ල පොලිසියට භාරදී ඇති බව ගලේවෙල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් බදුල්ල, දකුණු කළුතර, කටුගස්තොට, ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මෙම පිරිසට සහය දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු පිළිබඳව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
බදුල්ල ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකින් මෝටර් රථය ලබාගෙන ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස වෙස් වලාගෙන නිවෙස්වලට පැමිණ කාලයක් තිස්සේ මුදල් මංකොල්ලකන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
ගොකරැල්ල පොලිසිය සැකකරුවන් ගලේවෙල පොලිසියට භාරදී තිබේ.
සැකකරුවන් මෝටර් රථය සහ සොයාගත් මුදල් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූපය - කාංචන කුමාර ආරියදාස)
(ඡායාරූපය - මොහොමඩ් බුහාර්ඩීන්)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ටයිපටි පැළඳ'විත් දේපළ කොල්ලකෑ කල්ලියක් දැලේ