(සිතුම් චතුරංග)
යාපනය , නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චිය ,අලිමංකඩ ප්‍රදේශයේ දී වෑන් රථයක් ටිපර් රථයක ගැටී අද (2) අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව කිලිනොච්චිය පොලිසිය කියයි.
කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරින් වෑන් රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය සඳහන් කළේය.
අනතුරින් මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලවත්ත පදිංචිකරුවකු වූ නාදිමුලන් පරමේෂ්වර්න් නැමති වයස අවුරුදු 49 ක පුද්ගලයකු වේ.
අනතුරින් වෑන් රථයේ සිටි පුද්ගලයකු හා ටිපර් රථ රියදුරු ද තුවාල ලබා කිලිනොච්චිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බව කිලිනොච්ච්ය රථවාහන පොලිසිය සැකපළ කරයි.
මියගිය පුද්ගලයාගේ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය කිලිනොච්චිය රෝහලේ සිදුකිරීමට නියමිතය.
කිලිනොච්චිය රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ටිපර් - වෑන් රථ අනතුරකින් අයෙක් මරුට