IMG-LOGO

ටිපර් රථයේ සොරා මුහුණුපොතෙන් අල්ලයි

(කේ. බුද්ධික කුමාරසිරි)
 
හෝමාගම පනාගොඩ ප‍්‍රදේශයේ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයකින් සොරා ගත් ටිපර් රථයක් විකිණීමට තැත්කළ පුද්ගලයෙකු කුරුණෑගල ඉබ්බාගමුව ප‍්‍රදේශයේදී අද (12) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
 
අත් අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල වඳුරැස්ස මාඑළිය ප‍්‍රදේශයේ පදිංචි29 හැවිරිදි පුද්ගලයෙකි.
 
පනාගොඩ වැලිපිල්ලෑව ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු තම ටිපර් රථය ප‍්‍රදේශයේ වාහන අලුත්වැඩියා මධ්‍යස්ථානයකට ලබාදී තිබියදී, කිසිවෙකු එය සොරාගෙන ගොස් ඇති බවට අතුරුගිරිය පොලිසියට ලද පැමිණිල්ලක් මත කළ පරීක්ෂණයේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
 
පොලිසිය එම මධ්‍යස්තානය ආසන්නයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා පරීක්ෂා කර ඇත. එම ටිපර් රථයේ සහයකයෙකු ලෙස කලකට පෙර කටයුතු කළ පුද්ගලයෙකු විසින් රථය සොරා ගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වූ බවද පොලිසිය කියයි. 
 
සැකකරු සිය මුහුණු පොතෙහි වාහන විකිණීමට දැන්වීම් පළ කර ඇති ආකාරය දැක එම තොරතුරු අනුව පොලිස් උපාය දූතයෙකු යොදවා ටිපර් රථය මිලදී ගැනීමට සාකච්ඡා කර තිබිණි.
 
ටිපර් රථයට අදාළ ලියකියවිලි කිසිවක් නොමැතිව රුපියල් ලක්ෂ 31 කට එම රථය මිලදී ගැනීමට සැකකරු හා සාකච්ඡා කළ පොලිස් උපාය දූතයා, කුරුණෑගල ඉබ්බාගමුව ප‍්‍රදේශයේ සැකකරුගේ නිවසට ගොස් එහි සඟවා තිබූ රථය තම බාරයට ගෙන ඇත.
 
සැකකරු හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

ටිපර් රථයේ සොරා මුහුණුපොතෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 348 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 174 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1852 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site