IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ටොනාඩෝවකින් කහටගස්දිගිලියේ නිවාස 44කට හානී

(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම)

අයිස් කැට වැස්සත් සමඟ කහටගස්දිගිලිය ගම්මාන කීපයකට බලපෑම් කරමින් හදිසියේ හමා ගිය දරුණු ටොනාඩෝ තත්වයක් හේතුවෙන් නිවාස (44) කට පූර්ණ හා අර්ධ හානී සිදුවී විදුලිය බිදවැටි මහ මාර්ග රැසක් අවහිරවී ඇති බව කහටගස්දිගිලිය ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ අපදා ඒකකය පවසයි.

අයිස් වර්ෂාව සමඟ ඇතිවූ ටෝනාඩෝ තත්වයෙන් කහටගස්දිගිලිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මහවැව (221) ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 20 කටත් දිවුල් වැව (215) ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 10 කටත් ටික්කම්පොතාන (214) ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 03කටත් කොහොඹගස්කඩ (220) ග්‍රාම නිලධාරි තුලානේ නිවාස 10කටත් පුංචිහල්මිල්ලෑව (219) ග්‍රාම නිලධාරි තුලානේ නිවාස එකකටක් හානී සිදුව තිබෙන බව අපදා කළමණාකරණ ඒකකය පවසයි. 

මේ අතරින් නිවාස තුනක වහලයන්හි සෙවිලි මුළු මනින්ම ගැලවී ගොස් බරපතල අලාභ හානී සිදුව තිබෙන බවත් තවත් නිවාස දෙකකට සැලකිය යුතු මට්ටමේ හානී සිදුවී තිබෙන බවත් ආපදා ඒකකය සදහන් කරයි.

සෙසු නිවාසයන්ට අර්ධ හානි සිදුව තිබෙන බවත් එම ඒකකය පවසයි. මෙම නිවාසයන්ට වඩා තවත් හානී රැසක් සිදුවී ඇතිබව මුකිරියාව හා වැලි ගොල්ලෑව ගම්වාසින් සදහන් කළහ.

මුකිරියාව මහ විද්‍යාලය ඇතුළුව නිවාස 15 කට පමණ හානී සිදුවී ඇතත් ගස් කඩා වැටීම නිසා නිලධාරින්ට එහි පැමිණිමට නොහැ කිවී ඇති බව ඔවුන් සදහන් කළේය.

 



අදහස් (0)

ටොනාඩෝවකින් කහටගස්දිගිලියේ නිවාස 44කට හානී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31849 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14314 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11174 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1181 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site