IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ටිකට් මැෂිමක් සොරකම් කර ටිකට්පත් වංචාකළ කොන්දොස්තරවරයෙකු අල්ලයි

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)                                            
 

ලංගම ගාල්ල ඩිපෝවෙන් ටිකට් මැෂිමක් සොරකම් කර මගීන්ට ව්‍යාජ ටිකට්පත්දී රුපියල් ලක්ෂ ගණනක් වංචා කරන ලද ගාලු ඩිපෝවේ බස් කොන්දොස්තරවරයෙකු අද (22) දහවල් ගාල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.       

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ලේ සිට වඳුරඹ හරහා තලාව දක්වා ධාවනය වූ බස්රථයේ කොන්දොස්තරවරයායි.

පසුගිය වසරේ ජුනි මාසයේ මෙම ට්කට් මැෂිම සොරකම් කර ඇති බවත් එදා සිට අද දක්වා කාලය තුළ කොන්දොස්තරවරුන් කිහිපදෙනෙකු අතරේ මෙම මැෂිම හුවමාරු කරගනිමින් මෙම වංචාව සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.

ගාල්ල ඩිපෝවේ පරිගණක දත්ත ක්‍රියාකරුගේ සටහන් අනුව මෙම මැෂිමෙන් වංචා කර ඇති මුදල රුපියල් පන් ලක්ෂයකට වැඩි බවද පොලිසිය පවසයි.

පරිගණක දත්ත ක්‍රියාකරුගේ සහ ඩිපෝ අධිකාරිවරයාගේ පැමිණිල්ලක් මත ලංගම නිලධාරීන්ද සමග ගොස් බස්රථයේදීම සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

ටිකට් මැෂිමක් සොරකම් කර ටිකට්පත් වංචාකළ කොන්දොස්තරවරයෙකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site