(ටී.කේ.ජී.කපිල )
ජීවී කුරුල්ලන් 57 දෙනෙකු නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු හලාවත මාරවිල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සුරතල් සතුන් අලෙවි කිරීමේ ව්‍යාපාරිකයෙකි.
ඔහු විසින් ගෙන විත් තිබූ ගමන් මලු කීපයක වූ ප්ලාස්ටික් කුරුළු කූඩු තුළ බහා, මෙම රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ජීවී කුරුල්ලන් තොගය රැගෙන විත් තිබිණි.
එම කූඩු තුළ සන් කෝනර් වර්ගයේ එක් කුරුලෙක් ද , ෆැසිපික් වර්ගයේ කුරුල්ලන් 20 ක් ද , ටර්කසින් වර්ගයේ කුරුල්ලන් 02 ක් ද , රෙඩ් ලෝරි වර්ගයේ කුරුල්ලන් 12 ක් සහ ග්‍රීන් චීක්ස් වර්ගයේ කුරුල්ලන් 22 ක් ද සිට තිබේ.
මෙසේ කුරුල්ලන් රැගෙන ඒම මගින් ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධාන මෙන්ම සත්ව නීරෝධනායන පනතේ විධිවිධාන ද උල්ලංඝණය කර ඇතැයි රේගුව පවසයි.


2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීවී කුරුල්ලන් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට
sam Thursday, 24 January 2019 06:04 AM
මීට පෙර වතාවකදී කළා වාගේ මේ සතුන් සත්ත්ව උද්‍යානයට භාර දෙන්න. එවිට සත්ත්ව උද්‍යානයේ එම සතුන්ව බලා ගැනීමට පහසුකම් නැති බව පවසා, ඔවුන් ආනයනය කල තැනැත්තාටම නැවත භාර දේවි.