(නවරත්න සමරතුංග)
විදේශයේ නිෂ්පාදිත බෝර 12 පතුරොම් තුවක්කුවක් සමඟ ටී 56 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 443ක් සහ එස්.ජී.වර්ගයේ ජීව පතුරොම් අටක් සන්තකයේ තබාගෙන සිටි තුවක්කු කරුවෙකු අද (22 ) අත් අඩංගුවට ගෙන ඇති බව උහන පොලීසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ලත් 47 හැවිරිදි තුවක්කු කරුවෙකි.
මොහු විසින් දිගින් දිගටම වන සතුන් දඩයම් කරන බවට උහන පොලීසියේ ස්ථානාධිපති වරයාට ලැබුණ තොතුරු මත ඉතා සූක්ෂමව හා රහසිගතව විමර්ශනයක් කර ඇත.
ඒ අනුව සැකකරු රාත්‍රි කාලයේ සතුන් දඩයම් කිරීමට පිටත්ව යාමට සූදානම් වන අවස්ථාෙව් වැට ලීම සිදු කරමින් ඔහුගේ පැල තුල තිබුණ බෑගයක මෙම ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත. සැකකරු සමග නඩු භාණ්ඩ අම්පාර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජීව උණ්ඩ තොගයක් සමග තුවක්කුකරුවකු අල්ලයි