IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජල රක්ෂිත ආරක්ෂා කිරීමට පැළ 50000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

(ඩී.කේ.රත්න)

ජල රක්ෂිත ආරක්ෂා කර ගැනීම සඳහා බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාව මගින් එම රක්ෂිතවල පැළ 50,000 ක් සිටුවීමේ ආරම්භක පියවර අද (23) බණ්ඩාරවෙල අධිකාරම් ප‍්‍රාථමික විද්‍යාලයේ ජල රක්ෂිතයෙන් ආරම්භ විය.

මෙම වැඩසටහන යටතේ බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ පිහිටි ජල රක්ෂිතවත පැළ 50,000 ක් සිටුවා එම පැළ ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.

ජල රක්ෂිත විනාශවීම තුළින් ප‍්‍රදේශයේ ජල උල්පත් සිඳී ගොස් ප‍්‍රදේශයේ ජනතාව උග‍්‍ර පානීය ජල හිඟයකට මුහුණ දෙමින් සිටීම නිසා එම උවදුරින් ජනතාව බේරා ගැනීම සඳහා මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කර තිබේ.

මෙම සමාරම්භක අවස්ථාවට බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය සභාවේ සභාපති පූජ්‍ය කරගහවෙල නන්දවිමල හිමියන් ඇතුළු ප‍්‍රාදේශීය සභා නිලධාරීහුද බණ්ඩාරවෙල අධිකාරම් ප‍්‍රාථමික විද්‍යාලයේ ගුරුවරු ද සහභාගී වූහ.

 

 



අදහස් (3)

ජල රක්ෂිත ආරක්ෂා කිරීමට පැළ 50000 ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

rathnayaka - bandaravela Wednesday, 23 October 2019 07:05 PM

බණ්ඩාරවෙල හොඳම වතුර තිබුණු පළාතක්... මහින්ද රාජපක්ෂ දුර දිග නොබලා සිය ඉරාන මිතුරා සනසන්න දුන්නු කොන්ත්‍රාත් එකක්. ඒ ව්‍යාපෘතිය නිසා ගමේ ජල උල්පත් සියල්ල සිඳී ගියා... ලැජ්ජා නැතිව ආයෙත් ඡන්දෙ ඉල්ලගෙන එනවනේ..

:       2       187

වෙත්තසිංහ - දුල්ගොල්ල Wednesday, 23 October 2019 08:29 PM

රත්නායක මහත්මයෝ, ඔබතුමාට වැටහෙන ඇත්ත මේ ගමේ ඔක්කොටම වැටහෙනවානම් ඔය පරණ දේශපාලන පක්ෂ දෙකේ එක්කෙනෙකුටවත් මේ බණ්ඩාරවෙල පස් පාගන්න දෙන්නේ නැහැ. මේ පාරනම් ලේසි වෙන්නේ නැහැ.

:       1       0

Raveendra Wednesday, 23 October 2019 11:24 PM

වටිනා අනාගත ආයෝජනයක් සහභාගි වූ සැමට බොහෝ පිං. ඔබ සැමගේ සියලු අනාගත කටයුතු සාර්ථක වේවා !!!

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site