IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජලය ඉල්ලා හුරැළුවැව ගොවියෝ හඬා වැටෙති

(දයාරත්න ඇඹෝගම)

මහවැලි ජලාශ පිරී ඉතිරී වාන් දැමුවද තමන්ට ගොවිතැන් කර ගැනීම සඳහා හුරුළුවැව ජලාශයට ප්‍රමාණවත් තරම් ජලය ලබා නොදීම සම්බන්ධයෙන් හුරුළුවැව ගොවි ජනපදයේ ගොවීහු සිය විරෝධය පළකර සිටිති.
 
පසුගිය සති කිහිපයක් තිස්සේ රජරටට වැසි ඇද හැලුණද 2019/2020 මහ කන්නය සඳහා වී ගොවිතැනට ප්‍රමාණවත් ලෙස හුරුළුවැව ජලාශයට මෙතෙක් ජලය ලැබී නොමැත.

අක්කර අඩි 55,000 කින් සමන්විත ජල ධාරිතාවක් තිබිය යුතු හුරුළුවැව ජලාශයේ මේ වනවිට තිබෙන ජල ප්‍රමාණය අක්කර අඩි 12,500 කි.

මේ හේතුවෙන් තමන්ට කලට වේලාවට මහ කන්නයේ වී වගාව නිසි පරිදි සිදුකර ගත නොහැකිවනු ඇතැයි හුරුළුවැව ගොවි ජනපදයේ ගොවීහු බියට පත්ව සිටිති.

කොත්මලේ, බෝවතැන්න සහ පොල්ගොල්ල ජලාශ මේවන පිරි ඉතිරි ගොස් ඇතත් එමගින් මෙතෙක් ප්‍රමාණවත් අයුරින් තමන්ට ජලය ලබා නොදෙන බව හුරැළුවැව ගොවි ජනතාව මැසිවිලි නගති.

හුරැළුවැව යටතේ කුඹුරැ අක්කර 10,400 ක් වගා කරන අතර හුරැළුවැව ජලාශයෙන් පෝෂණය වන වැව් ප්‍රමාණය අටකි.මේවන විට කලාවැව, රාජාංගණය,  තිසාවැව සහ කලාවැවට ජලය ලැබි ඇතත් හුරැළු වැව ජලාශයට ජලය ලබානොදි තමන්ට මහවැලි අධිකාරියෙන් කුඩම්මාගේ සැලකිලි දක්වන බවට ගොවිහු චෝදනා කරති.

කෘෂිකර්ම ඇමතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෙකු වුවද තමන් නොසලකා හැරිම සම්බන්ධයෙන් ගොවිහු කෘෂිකර්ම අමාත්‍යවරයාටද සිය අප්‍රසාදය පලකර සිටිති.



අදහස් (0)

ජලය ඉල්ලා හුරැළුවැව ගොවියෝ හඬා වැටෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site