IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජපන් යවන බව කියා තරුණයන් රැවටූ දෙදෙනෙකු දැලේ

(විනීතා එම් ගමගේ)


ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධි අයුරින් තරුණයන්ගෙන් මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු, ශ‍්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
 
පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් අනුව විමර්ශන අංශයේ නිලධාරීන් විසින් බත්තරමුල්ල, රෝයල් ප්ලාසා ගොඩනැගිල්ලේ දී මෙම වැටලීම සිදුකර ඇත.
 
වැටලීම සිදුකරන අවස්ථාවේ මෙකී සැකකරුවන් විසින් ජපන් රැකියා සඳහා  බඳවා ගනිමින් මුදල් එකතු කරමින් සිටි බවත් එම අවස්ථාවේ ගුවන් ගමන් බලපත‍්‍ර 13, ජපන් රැකියා සදහා යොමුකළ අයදුම්පත්, ගමන් බලපත‍්‍ර ඡායා පිටපත්, වර්ණ ඡායාරූප, මුදල් ලබාගත් බවට ලබාදෙන රිසිට්පත්, රැකියා ඇබෑර්තු ඇති බව සදහන් දැන්වීම් ඇතුළු තවත් ලේඛන රාශියක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගත් බවත් කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.


සැකකරුවන් තලංගම හා බත්තරමුල්ලේ පදිංචිකරුවන් බව ද කාර්යංශය කියයි.


ටිකට්පත් විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම ජාවාරම සිදුකර ඇති බවට ද එක් තරුණයෙකුගෙන් රුපියල් ලක්ෂ 12 බැගින් මුදල් අය කර ඇති බවත් හෙලී වී යැයි කී එම නිලධාරියා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද කියා සිටියේය.
 
සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේ දී මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් ගැන හෙළිවූ බවත් ඔවුන් ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම පැවසීය.
 
මෙම වැටලීම සිදුකිරීම සදහා නීතිඥ කීර්ති මුතුකුමාරණ මහතාගේ (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - නීති අනුමැතිය පරිදි කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ කළමනාකරු ප‍්‍රධාන පොලිස් පරික්ෂක අතුල පෙරේරා, පොලිස් පරික්ෂක අනුර සෝමසිරි, පොලිස් පරික්ෂක කුමාරසිංහ, උප පොලිස් පරික්ෂක ලියනගේ හා කාර්යාංශ නිලධාරීන්ද එක්ව ඇත.



අදහස් (0)

ජපන් යවන බව කියා තරුණයන් රැවටූ දෙදෙනෙකු දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site