IMG-LOGO

ජොන්ස්ටන් මුඛ ආවරණ නොමැති මන්ත්‍රීන්ට දොස් නගයි

(ප්‍රියානි මංගලිකා)

මුඛ ආවරණ නොමැතිව රැස්වීමට   පැමිණි  සිටි නිකවැරටිය ප්‍රාදේශීය සභා පොහොට්ටු මන්ත්‍රීන්ට හිටපු අමාත්‍ය හා කුරුණෑගල දිස්ත්‍රික් පොහොට්ටු  අපේක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධියේම  දෝෂාරෝපණය කරනු ලැබූයේ, අද 27 දහවල් නිකවැරටිය, ඇලවක ප්‍රදේශයේදී  පැවති රැස්වීමක් අමතන අතරතුරදීය.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය  :-
"මහජන නියෝජිතයන් ලෙස සෞඛ්‍ය නීති  රීති පිළිපදින්නේ නැතිව ,කොහොමද ජනතාවට අපි ආදර්ශයක් දෙන්නේ. අනික අපි මැතිවරණ නීති වලටත් බැඳී ඉන්නවා .කෝවිඩ් 19 වසංගතය මර්ධනය කරගෙන අපි ඉතා.අමාරුවෙන් මේ මැතිවරණයට යන්නේ...ඒ ටික මේ  ටික දවසට අමතක වුණාද?

අනික තමයි මුඛ ආවරණ නොමැතිව අපි පාරට බහිනවා කියන්නේ එක්සත් ජාතික පක්ෂයට කඩේ යනවා කියන එකයි. මොකද ආයෙත් කෝවිඩ් වසංගතය එනවට වැඩියම කැමති එක්සත් ජාතික පක්ෂයයි. එයාලා කැමතියි මිනිස්සු සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිතා නොකර ඉඳලා ආයෙත් මේ රටේ වසංගතය පැතිරිලා, මිනිස්සු මැරිලා, රටේ ජනජීවිතය අවුල් වෙලා මේ රට විනාශ  වෙලා යනවට... ඒ තුළින් දේශපාලනය නිර්මාණය කිරීමයි ඒ අයගේ පරමාර්ථය. ඒ අයට සහාය දෙන්නද අපේ අයත් මේ විදියට.සෞඛ්‍ය නීති රීති වලට පයින් ගහන්න උත්සාහ කරන්නේ...
                           
රස්වීම් වලට යනවිට විතරක් නොවෙයි පාරට බහින හැම විටම අපි සියලු දෙනාම මාස්ක් එකක් පළඳින්න. ඕනෑ. හැකි තරම් සමාජ දුරස්ථ භාවයෙන් කටයුතු කරන්න ඕනෑ. ඒක රටේ සෞඛ්‍ය නීතියක් වගේම අප සතු විශාල වගකීමක්... පසුගිය මාස 3ක් පමණ වසංගත තත්වය නිසා අප වින්ද පීඩාව අමතක කරන්න එපා. පසුගිය දවස්වල රටේ සංවර්ධන කටයුතු දැඩි ලෙස ආපස්සට ගියා. මැතිවරණ කටයුතු පවා අඩාල වුණා. ඒක ජනතාවට විශාල පාඩුවක්. අපි මුලින්ම ජනතාවට ආදර්ශමත් වෙමු. මම මගේ මේ මුඛ ආවරණය ගලවන්නේ රැස්වීමක් අමතන වෙලාවට විතරයි. දාගෙනම ඉන්න අපහසු තමා.,ඒත් අපි මහජන නියෝජිතයන් ලෙස  රටේ නීති රීති වලට සහ රටේ සෞඛ්‍ය ආරක්ෂාවට හිස නමන්න ඕනෑ...

අන්න මගේ වාහනේ මාස්ක්  තියනවා. මාස්ක් දාලා නැති සියලු දෙනාම මාස්ක් දාගන්න. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවලට ගරු කරමින් අපි ජයග්‍රාහි ගමනක් යමු  " ...යැයිද පැවසීය.



අදහස් (0)

ජොන්ස්ටන් මුඛ ආවරණ නොමැති මන්ත්‍රීන්ට දොස් නගයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site