IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ජනපති අපේක්ෂකයාට රණ්ඩුවන අය එක්ක ඉදිරියට යන්නේ කොහොමද?’

(නාලක සංජීව දහනායක)
 
ජනාධිපති අපේක්‍ෂකත්වයට රණ්ඩුවෙන රනිල් - සජිත් සමග ඉදිරියට යන්නේ කෙසේදැයි ජනතාව ගැඹුරින් කල්පනා කර බැලිය යුතුයැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (25) පැවැසීය.
 
මොවුන් දෙදෙනාගේ බල අරගලය හේතුවෙන් රට එකතැන පල්වෙන බවද විපක්ෂ නායකයා ප්‍රකාශ කළේය.
 
රාජපක්ෂ මහතා මෙසේද පැවැසීය.
 
“අපි අපේ අපේක්ෂකයා තෝරලා ඉවරයි. නමුත් මේ අයට තවම අපේක්ෂකයා තෝරා ගන්න බැහැ. ඔවුන් අතර ගැටුමක්. ව්‍යවස්ථාවේ ජනාධිපතිගේ හා අගමැතිගේ බලකේන්ද්‍ර දෙකක් තිබෙනවා. දෙන්නා දෙපැත්තට අදින කොට රටක වැඩක් කරන්න බැහැ.
 
දැන් ජනාධිපති අගමැති දෙපැත්තට අදින එකෙන් රට එක තැන පල් වෙනවා. ඒ විතරක් නෙවෙයි. කරන තරගයත් එක්ක අයෙත් බලය ගත්තොත් වෙන්නේ ජනතාව නැවතත් ප‍්‍රශ්නවලට මුහුණ පාන එකයි. මේ දෙන්නගේ රණ්ඩුව දිහා රටම බලන් හිටියා. ජනාධිපති අපේක්ෂකයා වෙන්න රණ්ඩු වුණ දෙන්නෙක්ව බලයට ගෙනත් කොහොමද රටක් ඉදිරියට යන්නේ. අපේ පැත්තේ ඒ වගේ ගැටුම් නැහැ. ගෝඨාභයට ඉදිරියට යන්න පාර පැහැදිලියි”
 
කොළඹඑ, ඩී. ආර්. විජයවර්ධන මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (25) පැවැති විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ හා මැදපෙරදිග සේවක පවුල්වල සාමාජිකයන්ගේ සංගමයේ සම්මේලනයට සහභාගීවෙමින් වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘ජනපති අපේක්ෂකයාට රණ්ඩුවන අය එක්ක ඉදිරියට යන්නේ කොහොමද?’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site