(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි එළිමහන් රංග පීඨයේ දේශපාලන රැස්වීම් පැවැත්වීමට ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ඉඩකඩ නොදීමට නුවරඑළිය මහා නගර සභාවේ මාසික සභා රැස්වීමේ දී ඒකමතිකව තීරණය කර තිබේ.
නුවරඑළිය පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
‘‘නුවරඑළිය ජනතා හඬ ’’ සංවිධානය 2019- ඔක්තෝබර් 21 දින දාතමෙන් යොමු කළ ලිපියක් හා ‘‘නුවරඑළිය ඒකාබද්ධ වෙළඳ සංගමය’’ 2019- ඔක්තෝබර් 21 දිනැතිව ලිඛිතව ඉදිරිපත් කළ ලිපි පුරපතිවරයා විසින් සභාගත කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීමට සභාව තීරණය කළේය.
මෙම සංවිධාන දෙකම නුවරඑළිය නගර මධ්‍යයේ අති විශාල ජනතාවක් රැස් කරමින් දේශපාලන පක්ෂ රැස්විම් පැවැත් විම නිසා නාගරික ජනතාවටත්, ව්‍යාපාරික ප‍්‍රජාවටත්,සිදු වන අනේක විධි බාධාවන් ගැන ද කරුණු දක්වා තිබිණි.
නගරය අලංකරණයට වවා තිබු දර්ශනිය සයිප‍්‍රස් ගස් වලට ද හානි සිදු වන බවත් අලංකාරයට සකසා තිබු මල් පාත්ති බොහෝමයක් ම විනාශ වන බවත්, නගරයේ පදිකයින්ගේ ආරක්ෂාව සඳහා සකසා තිබු යකඩ වැටවල් වලට ද බරපතල හානි 2018 මැයි 07 වන දින එක්තර දේශපාලන ලක්ෂයක් පැවැත් වු මැයි දින රැළිය අවසානයේදී දැක ගන්නට ලැබුණ බව ද එම කරුණුවලින් ඉදිරිපත් කර තිබුණි.
මේ පිළිබඳව නාගරික මන්ත‍්‍රි මහින් ද සිල්වා නාගරික මන්ත‍්‍රී ආර්.කේතියස්, නාගරික මන්ත‍්‍රීනි අනුෂා ශ්‍යාමලී හා නාගරික මන්ත‍්‍රී සුසන්ත පලිහවඩන යන මහත්ම මහත්මීහු අදහස් දැක්වූහ.
ඉන් පසුව පුරපති චන්දන ලාල් කරුණාරත්න මහතා විසින් ඒ සම්බන්ධව සභාව තීරණයකට එළැඹිය යුතු බව දැන්වීය. ඉන් අනතුරුව නාගරික මන්තී‍්‍රවරු පක්ෂ භේදයකින් තොරව ඊට එකඟතාවය පල කළ අතර එම යෝජනාව ඒකමතිකව සභා සම්මත විය.
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමට යෝජිත රැස්වීම් වලින් පසු අතිවිශාල ජනතාවක් සහභාගී වන රැස්වීම් වලට නුවරඑළිය නගර මධ්‍යයේ එළිමහන් රංග පීඨය ලබා නොදෙන බව ප‍්‍රකාශ විය.
ඒ වෙනුවෙන් ඉදිරි කාලයේ දී ග්‍රෙගරි උද්‍යානයේ කී‍්‍රඩාංගනයේ හා හාවා එළියේ මහින්ද මාවත කී‍්‍රඩාංගණයේ දේශපාලන පක්ෂ වලට රැස්වීම් පැවැත්වීමට සිදුවනු ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
‘ජනාධිපතිවරණයෙන් පසු නුවරඑළිය රංග පීඨයේ දේශපාලන රැස්වීම් පවත්වන්න බෑ‘