IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘‘ජාතීන් අතර භේදයක් ඇතිවුණේ භාෂා - ජාතීන් ලෙස පාසල් වෙන් කිරීමෙන්‘‘

(චමිල් රූපසිංහ)

භාෂා හා ජාතීන් වශයෙන් පාසල් වෙන් කිරීම නිසා ජාතීන් අතර භේදයක් මෙරට නිර්මාණය වූ බවත් වර්ෂ 1960 සිට සිංහල දරුවන් සිංහල පාසල්වලත් දෙමළ දරුවන් දෙමළ පාසල්වලත් ඉගෙන ගැනීමට යොමු කරවීම තුළින් ජාතිවාදි අර්බුද පමණක් නොව තිස් අවුරුදු යුද්ධයක් පවා නිර්මාණය වූ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 

ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර බද්-උද්- දීන් මුහම්මද් බාලිකා පාසලේ තෙමහල් ගොඩැනැගිල්ල සිසු අයිතියට පත් කිරීම සඳහා අද (04) ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදි අදහස් දැකුවු අමාත්‍යවරයා.

‘‘ඉන්දියාව වැනි අසල්වැසි රාජ්‍යයන් සියල්ලම නිදහස ලැබූ අවස්ථාවේ සිටම එක් ජාතියක් වශයෙන් නැගී සිටියා. ඉන්දියාවේ මිලියන පනහක ජනතාව කතා කරන භාෂාවන් තිහක් පමණ එරට තිබෙනවා. ඉන්දීය ජාතිකත්වය සියලු ජනතාව වෙත හඳුන්වාදී තියෙනවා.

නිදහස ලබන විට ඉන්දියාවේ ප්‍රාන්තවලට බලය බෙදීම සිදු කළා.ප්‍රාන්ත ඇතුළුව සමස්ත ඉන්දියාවටම එදා නිදහස ලැබුණ සොල්බරි ආණ්ඩුකරවරයාගේ සෝල්බරි කොමිසම හමුවේ මෙරට බලය බෙදා හැරිය යුතු යැයි මුලින්ම කියා සිටියේ උඩරටියන් විසිනුයි. ඒ ඉල්ලීම සාධාරණ වුවත් මේ දක්වා එය ඉටු වෙලා නැහැ.

අපේ රටේ නිදහසින් පසුව මැතිවරණ ජයග්‍රහනය කර ගැනීම සඳහා ජාතිය ආගම කුලය ඉදිරියට ගෙන එමින් දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වුණා. මේ වරද සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ ඊට වගකිව යුතුයි. 1948 සිට මේ දක්වාම බලයට පැමිණෙන ආණ්ඩුවක් යම් දෙයක් කරන විට විරුද්ධ පක්ෂය ඊට විරුද්ධ වුණා. මේ තත්ත්වය දිගින් දිගටම පැවතීම නිසා ශ්‍රී ලංකාව තුළ ජාතික වශයෙන් සංවර්ධනයක් සිදු වුණේ නැහැ. 

නිදහස ලබන විට අප සංවර්ධනය අතින් දෙවන වුණේ ජපානයට පමණයි.  දෙවන ලෝක යුද සමයේදී  බ්‍රිතාන්‍යයට පවා ණය මුදලක් ලබා දීමට තරම් ශ්‍රී ලංකා භාණ්ඩාගාරය ශක්තිමත් වුණා. 

නමුත් නිදහසින් පසුව බලය ලබාගැනීමට අවශ්‍ය නිසා ජාතිය, ආගම වශයෙන් ජනතාව බෙදා වෙන් කිරීමට පාලකයන් ක්‍රියාකළා"  යැයි  සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

විදුහල්පතිනි ෂිහානා ඒ රසීම් මහත්මිය, මහනුවර පුරපති කේසර සේනානායක මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

 



අදහස් (1)

‘‘ජාතීන් අතර භේදයක් ඇතිවුණේ භාෂා - ජාතීන් ලෙස පාසල් වෙන් කිරීමෙන්‘‘

Raveendra Friday, 05 July 2019 02:29 AM

මාර සොයා ගැනීමක් හැබෑට. අපි අදමයි මේ ගැන දන්නේ....

:       272       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site