IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ජාතික පාසල් 300ක විදුහල්පතිවරුන්ට ස්ථාන මාරු

ජේ.කේ.එල් චාමින්ද
 
මෙරට ප්‍රධාන පාසල් හා ජාතික පාසල් 300ක වසර අටකට වඩා වැඩි කාලයක් රැඳී සිටි විදුහල්පතිවරුන්  මෙම මස  16 වැනිදා සිට  ස්ථාන මාරු කිරීමට කටයුතු කරන බැව්  අධ්‍යාපන ඇමති අකිල විරාජ්කාරියවසම් මහතා පවසයි.
 
ගාල්ල මීපාවල අමරසුරිය මහාවිද්‍යාලයේ වාර්ෂික  ත්‍යාග ප්‍රදාන උත්සවයට එක් වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. එම විදුහලේ   රිචඩ් පතිරණ  අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව,තාක්ෂෙණ විද්‍යාගාරය ඇතුළු  ගොඩනැගිලි සංකිරණ පද්ධතිය සිසු අයිතියට පැවරිමද ඇමතිවරයා අතින් සිදුවිය.   
 
‘‘මා ගැන ගුරුවරුන්ගේ  හිතේ  අමාරුවක් ඇති  ගුරුවරුන් මාරුකරපු නිසා. නමුත්   ඒ ප්‍රතිපත්තිය  අපි ක්‍රියාත්මක කරනවා.    ලංකාවේ  ප්‍රධාන පාසල් ඇතුළු ජාතික පාසල් 300ක වසර අටකට වඩා  රැදි සිටි  විදුහල්පතිවරුන් ටිකත් මේ මස 16 වැනිදා සිට  මාරුකරනවා.‘‘



අදහස් (0)

ජාතික පාසල් 300ක විදුහල්පතිවරුන්ට ස්ථාන මාරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site