( සිතුම් චතුරංග)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි දිස්ත්‍රික්කයට තරඟ කරන ජාතික ජනබලවේගය අද (18) පෙරවරුවේ සිය නාම යෝජනා පත්‍රය වවුනියාව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී සමන් බන්දුලසේන මහතාට බාර දීම සිදු කළේය.
වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශිය සභා මන්ත්‍රී හා වන්නි දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සංවිධායක උපාලි සමරසිංහ මහතා විසින් අපේක්ෂකයින්ගේ නාමයෝජනා පත්‍රය වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තේරීම්භාර නිලධාරීවරයාට භාරදුන්නේය.
වන්නි මැතිවරණ කොට්ඨාසයෙන් තරඟකරන අපේක්ෂකයින් මෙසේය,
01 - රත්නායක හෙට්ටිගේ උපාලි සමරසිංහ (කණ්ඩායම් නායක).
02 - සයරියන් සන්තියෝගු ලැම්බට්.
03 - හේවාකොකවලගේ පද්මසිරි ජයනාද.
04 - රාමසාමි පංචලිංගම්.
05 - කලෙයිචෙල්වම් කෞෂිකා.
06 - කරුපයියා සෙල්වනායගම් .
07 -අප්පුහාමිගේ අනුර චන්ද්‍රසේකර .
08 - සපිං අප්පුහාමි අප්පුහාමි ගාමිණි ජයවර්ධන.
09 - කපුරුහාමිගේ රංජිත් බණ්ඩාර.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජාතික ජන බලවේගය වන්නි දිස්ත්‍රිකයට නාම යොජනා බාර දෙයි