(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති හා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අවසන් කටයුතු අද (09) සවස මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී සිදුකෙරිණි.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,දේශපාලඥයින්,නීතිඥයින්,පවුලේ ඥාතීන්ඇතුළු විශාල පිරිසක් අවමංගල්‍ය උත්සව අවස්ථාවට සහභාගී වූහ.
චන්ද්‍රසිරි ගජධීර මහතාගේ දේහය රැගත් පෙරහැර පරමුල්ල නිවසේ සිට ගාලු පාර ඔස්සේ සවස 4.00 පමණ වන විට මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයට ලඟාවිය.
මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පරදුව ජිනරතන,හිටපු දකුණු පලාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත,මාතර ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බද්දේගම කුසල,පුරාණ මන්ත්‍රී දාරාමාධිපති විටියල කුසුම්සිරි,කිරින්ද පූර්වාරාමාධිපති අපරැක්කේ හිමරතන,දකුණු පළාතේ ප්‍රධාන සංඝ නායක අංගුන්න බදුල්ලේ ඥානදස්සී,විටියල පබ්බතාරාමාධිකාරී අතුරලියේ ඉන්ද්‍රජෝති යන නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය පළමුව ආගමික වතාවත් සිදු කර මතක වස්ත්‍ර පූජාව පවත්වා පැවිදි අනුශාසනාවන් සිදු කළේය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රීලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩී.ව්.ගුණසේකර,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන,හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරසිංහ යන මහත්වරු චන්ද්‍රසිරි ගජදීර මහතා පිළිබඳව ගුණ කථනයන් සිදු කළහ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එවන ලද ශෝක පණිවුඩය දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී.ද සොයිසා මහතා විසින් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එවන ලද ශෝක පණිවුඩය මාතර මහ දිසාපති ප්‍රදීප් රත්නායක මහතා විසින් ද ඉදිරිපත් කළහ.



2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
චන්ද්‍රසිරි ගජධීරගේ අවසන් කටයුතු මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී