(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බීමත්ව රිය පදවා, ත්‍රිරෝද රථ රියැදුරෙකුට සහ යතුරුපැදිකරුවකුට කඩුවකින් පහරදීමට තැත්කිරීම ඇතුළු චෝදනා 9ක් යටතේ අත්අඩංගුවට ගෙන පානදුර අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකුට රුපියල් 62,000ක දඩ මුදලක් නියම කිරීමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද(15) නියෝග කළේය.
ඊට අමතරව මාස තුනක සිර දඬුවමක් ලබා දී එය වසර 5කට අත්හිටුවීමටද නියෝග කළේය.
මෙලෙස දඩ නියම වූයේ ගම්මන්පිල කහටගහහේන පදිංචි නුවන් සංජීව පෙරේරා නමැත්තෙකුටය.
සැකකරු බීමත්ව, කඩුවක් රැගෙන යතුරු පැදියකින් වීදාගම සිට වීදියගොඩ දෙසට යමින් සිටියදී, රිය පාලනය කර ගත නොහැකිව නවතා තිබූ ත්‍රිරෝද රථයක සහ යතුරුපැදියක ගැටී ඇත. එම අවස්ථාවේ සැකකරු කඩුවෙන් එම රියැදුරන්ට පහරදීමට තැත් කර ඇති අතර ඔවුන් මහත් පරිශ්‍රමයක් දරා ඔහුගෙන් බේරී පලාගොස් ඇති බව පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසිය ලද තොරතුරකට අනුව යතුරුපැදියෙන් පලායමින් සිටි සැකකරු හඹාගොස් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුට එරෙහිව බීමත්ව රිය පැදවීම, ලියාපදිංචි නොකළ රථයක් ධාවනය කිරීම, රියදුරු බලපත්‍රය නොමැතිව ධාවනය කිරීම, අනතුර වළක්වා නොගැනීම, අපරික්ෂාකාරී රිය ධාවනය, රිය අනතුරක් සිදුකර ත්‍රිරෝද රථයකට අලාභ හානි සිදුකිරීම ඇතුළු චෝදනා 9ක් යටතේ පොලිසිය විසින් සැකකරු පානදුර අධිකරණයට ඉදිරිපත් කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
චෝදනා 9කට වැරදිකරුවකුට 62,000ක දඩයක්