(අනීෂා මානගේ)
වීරකැටිය කොන්දගල ප්‍රදේශයේ පිහිටා ඇති ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය එම ප්‍රදේශයේ පැවතීම හේතුවෙන් විශාල පාරිසරික ගැටළු රැසක් සහ පානීය ජල ගැටළු පැන නැඟී ඇතැයි කියමින් එම මධ්‍යස්ථානය ඉවත් කරන්නැයි ඉල්ලා ගම්වාසීන් පිරිසක් අද (8) වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිය විරෝධය පළ කළහ.
වීරකැටිය ප්‍රාදේශීය සභාවට අයත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වීරකැටිය කොන්දගල ප්‍රදේශයේ පිහිටා තිබේ.
වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් වීරකැටිය සහ වලස්මුල්ල ප්‍රදේශවල කැළි කසළ ද්‍රව්‍ය කළමනාකරණය කෙරෙන්නේ මෙම මධ්‍යස්ථානයේදී ය. උස් කඳු මුදුනක් කපා මෙම කසළ කළමනාකරණ මධ්‍යස්ථානය පිහිටුවා තිබීමෙන් විශාල පාරිසරික ගැටළු රැසක් පැන නැඟී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
වීරකැටිය කොන්දගල ප්‍රදේශයේ ගම්වාසීහු පිරිසක් අද(8) කසළ කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණ සිටි අතර ඔවුහු මේ සම්බන්ධයෙන් වීරකැටිය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාට සිය විරෝධය පළ කළහ. සභාපතිවරයා ඇතුළු වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසක් ගම්වාසීන් සමඟ ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කළහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය ඉවත්කරන්නැයි වීරකැටියේ විරෝධතා