(අශෝක තිලකරත්න, රත්න චන්ද්‍රෙස්න ගමගේ සහ සනත් ගමගේ)
අම්බලන්තොට චිත්‍රාගල ගොයම් කොළමුල්ලේදී පහරදී ඝාතනය කර පුළුස්සා තිබූ කාන්තාවකගේ සිරුරක් අද (09) උදේ සොයා ගත් බව අම්බලන්තොට පොලිසිය පවසයි.
එසේ මරා දමා ඇත්තේ තිරිවාන කංකානම්ගේ කරුණාවතී (66) නැමති පස්දරු මවකි.
පවුල් ආරවුලක් මත ඇයගේ දෙවැනි පුරුෂයා විසින් ඉකුත් 06දා රාත්‍රී ඇයට පහර දී කපා මරා දමා නිවස ඉදිරිපිට කසළ ගොඩකට දමා පුලුස්සා ඇතැයි මේ සම්බන්ධයෙන් සිදු කළ මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අම්බලන්තොට පොලිසිය මෙම මිනීමැරුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප - රත්න චන්ද්‍රෙස්න ගමගේ සහ සනත් ගමගේ)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඝාතනය කර පුළුස්සා දැමූ කාන්තාවකගේ සිරුරක් හමුවෙයි