IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගිං ගඟේ වැලි ජාවාරම ගැන ජවිපෙ මන්ත්‍රී ප්‍රශ්න කරයි

සිරංගිකා ලොකුකරවිට,  ඩි. ජි. සුගතපාල සහ ජි.ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
 
වානිජ කටයුතු සඳහා ගිං ගඟේ වැලිගොඩ දැමීමට බලපත්‍ර ලබා දී නොතිබුණද නෙළුව, හිනිදුම හා ලංකාගම ප්‍රදේශ වල දිවා රාත්‍රී මහා පරිමාණයෙන් වැලි ගොඩ දමන බවත් මේ හේතුවෙන් ගඟ විනාශ වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ මහතා පැවසීය.
 
ඒ මහතා මෙසේ පවසා සිටියේ අද (17) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අවස්ථාවේදි අදහස් දක්වමිනි. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතිවරුන් වන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නලින් හේවගේ මන්ත්‍රීවරයා පවසා සිටියේ කිසිදු අවසරයකින් තොරව නෙළුව හා හිනිදුම ප්‍රදේශ වල ගිං ගඟ විනාශ කරමින් වැලිගොඩ දමා මහා පරිමාණයෙන් වැලි ගාල්ලට ගෙන එන බවයි. මේ පිළිබඳ සොයා බැලීමට නිලධාරීන් කටයුතු නොකිරීමත් පොලිසිය පවා ඔවුන් අත්අඩංගුවට නොගැනීමත් බරපතල තත්ත්වයක් බවද හෙතෙම කියා සිටියේ ය. මේ සම්බන්දව නීතිය ක්‍රියාත්මක  කිරීමට බැඳී සිටින ආයතන නිහඬව සිටින්නේ ඉහලින් ක්‍රියාත්මක වන අදිසි හස්තයක් හේතුවෙන්දැයි සැකයක් මතුවන බවද හේවගේ මන්ත්‍රීවරයා විමසා සිටියේ ය.
 
මෙහිදි අදහස් දක්වමින් හිනිදුම සහකාර පොලිස් අධිකාරී විපුල සෙනවිරත්න මහතා මෙසේ පවසා සිටියේ ය,
 
"පොලිස් නිලධාරීන් ප්‍රමාණවත් නොවීම නිසා වැටලීම් සිදුකිරීම අපහසු වී තිබෙනවා. වැලි තොටුපලවල් තියෙන්නේ පොලිසියට ඉතාම දුරින්, සමහර තැන් වලට කිලෝමීටර් 20ක් විතර යන්න තියෙනවා. ජීප් එක පොලිසියෙන් පිටත් වන විට වැලි ගොඩදමන අයට ඔත්තුව ලැබෙනවා. මේ නිසා අත්අඩංගුවට ගැනීම ඉතාම අපහසුයි. තවත් බරපතල ගැටලුවක් වි ඇත්තේ භූ විද්‍ය හා පතල් කාර්යාංශයෙන් ලබාදී ඇති බලපත්‍රයක් උපයෝගී කරගෙන වංචාකාරී ලෙස වැලි ජාවාරමේ යෙදීමයි. මේ බලපතුය නිකුත් කර ඇතතේ ඇඹිලිපිටිය, අම්බලන්තොට හා නෙළුව හරහා ගාල්ල නගරයට ගමන් කිරීම සඳහායි. 
 
අම්බලන්තොට සිට ගාල්ලට යන ලොරියක් නෙළුවට යෑම අවශ්‍ය වන්නේ නැහැ. මෙය තනිකර නීතියෙන් රිංගා යෑමට සිදුකරන උපක්‍රමයක්. මෙවැන් හේතු නිසා මොවුන් නිතියේ රැහැනට හසුකරගැණීම ඉතාම අපහසු වි තිබෙනවා. අදාල නිලධාරීන් සහ මහජන සහාය ද මේ සඳහා අවශ්‍ය වෙනවා.".



අදහස් (0)

ගිං ගඟේ වැලි ජාවාරම ගැන ජවිපෙ මන්ත්‍රී ප්‍රශ්න කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site