IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගව ඝාතකාගාරයක වළකට වැටී නගර සභා සේවකයෝ 4 ක් මරුට

රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග

     

වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක අපද්‍රව්‍ය බැහැර කෙරෙන වළකට වැටී නගර සභා සේවකයින් සිව් දෙනෙකු අද (25) මිය ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

වව්නියාව නගර සභාවේ සේවකයින් පිරිසක් විසින් අදාළ ගව ඝාතකාගාරයට ගොස් ඇත්තේ එහි අපද්‍රව්‍ය ඉවත් කිරීමටය.

එහිදී අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පෙර එක් නගර සභා සේවකයකු එම වලට ජලය දමා ඇති අතර එහිදී අදාළ වලෙන් කිසියම් විෂ දුමක් ආග්‍රහණය වීම හේතුවෙන් එම සේවකයා අපද්‍රව්‍ය බැහැර කෙරෙන වලට පළමුව වැටී ඇත.

වව්නියාව නගර සභාවේ ටෙන්ඩර් කැඳවා ක්‍රියාත්මක කෙරෙන අදාළ ගව ඝාතකාගාරය ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයිති බවට ද ප්‍රදේශවාසීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

ගව ඝාතකාගාරයක වළකට වැටී නගර සභා සේවකයෝ 4 ක් මරුට

Ruhunu Thursday, 25 April 2019 12:01 PM

මෙම සිද්ධිය සැක සහිතයි.

:       0       0

Nihal Thursday, 25 April 2019 04:34 PM

මේ කාන්තාවන් දෙදෙනා දකින විට විශාල කම්පනයක් දුකක් ඇතිවෙනවා. මෙවැනි දුක්මුසු අකල් අනතුරු වගකිය යුත්තන්ගේ අවදානය පිළියම් යොමුවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site