IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ගෙවල්වලට පැන භාණ්ඩ සොරා ගත් යුද හමුදා සෙබළා අත්අඩංගුවට

 
අජිත්ලාල් ශාන්තඋදය
 
 
යුද හමුදාවෙන් නිවාඩු ලබා පැමිණ ගෙවල්වලට පැන බඩු සොරකම් කළ යුද හමුදා සේවයේ නියුතු හෝමාගම ප‍්‍රදේශයේ ලියාපදිංචි අපරාධකරුවෙකු වූ  සෙබළෙක් අත්අඩංගුවට ගත් බව කුරුවිට පොලිසිය පවසයි.


ඔහු සතුව තිබී සී 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය, ටී 56 උණ්ඩ සහ ඩෙටනේටර් පොලිස් බාරයට ගෙන ඇත.


මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයාගේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටිය දී නැසීගිය මුදියන්සේ කෝනාර මහතාගේ කුරුවිට නිවසට ඇතුළු වී පිත්තල පහන්, මල්පෝච්චි, වෙනත් පිත්තල සිහිවටන සහ දේපල සොරාගෙන ඒවා කුරුවිට ප‍්‍රදේශයේ යකඩ සහ පැරණි බඩු එකතු කරන ස්ථානයකට විකිණීමට යද්දී ප‍්‍රදේශවාසින්ගේ සහාය ඇතිව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.


අධිකරණයේ රැඳවුම් නියෝග මත සැකකරුගෙන් තවදුරටත් ප‍්‍රශ්න කරන අතර සැකකරු යාපනය කන්කසනතුරේ මාවධිපුරම් යුද හමුදා කඳවුරේ සේවය කරන තැනැත්තෙකි. 


බළන්ගොඩ අලූත්නුවර ප‍්‍රදේශයේ මුල් පදිංචිකරුවෙකු වන සැකකරු දැනට කුරුවිට, මිල්ලවිටිය, හේන්යාය, අස්සැද්දුම ප‍්‍රදේශයේ නිවසත් තනාගෙන ජීවත්වන 37 හැවිරිදි විවාහකයෙක් බවත් පොලීසිය කියයි. ඔහු කුරුවිට එක්නැලිගොඩ ප‍්‍රදේශයෙන් විවාහවූ තැනැත්තෙකි. 


නිවාඩු ලබා පැමිණි දින තුනක දී සැකකරු විසින් ගෙවල් හතරක් සහ වෙළඳසැලක් කඩා මුදල්, රන් භාණ්ඩ සහ දේපල හොරකම් කර ඇති බවට තොරතුරු මේ වනවිට අනාවරණය කරගත හැකි වූ බව ද පොලීසිය කියයි. 



අදහස් (0)

ගෙවල්වලට පැන භාණ්ඩ සොරා ගත් යුද හමුදා සෙබළා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31722 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14181 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11132 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 206 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1133 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 318 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site