IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගවයින් හොරෙන් ගෙන ගිය අයෙක් ගවයින් 14 ක් සමඟ අත්අඩංගුවට

(අනීෂා මානගේ)


ගව ගාලකින් සොරකම් කරන ලද මී ගවයින් සහ එළ ගවයින් 14 දෙනෙක් බලපත්‍ර නොමැතිව හිංසාකාරී අන්දමින් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයකට වෙඩි තබා එහි සිටි සැකකරුවෙක් අද (11)  අලුයම අත්අඩංගුවට ගත් බව තංගල්ල  පොලීසිය පවසයි.

මෙලෙස පොලිස් අත්අඩංගුවට පත්වූයේ වීරකැටිය යක්ගස්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

රන්න කට්ටකඩුව ප්‍රදේශයේ පිහිටි ගව ගාලකින් සොරකම් කරන ලද මී ගවයින් 11දෙනෙක් සහ එළ ගවයින් තිදෙනෙක් හිංසාකාරී අන්දමින් ලොරි රථයක පටවාගෙන ගාල්ල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස ලොරි රථයට වෙඩි තබා එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරීහු කියති.

තංගලු වෙල්යාය ආසන්නයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දුටු ලොරි රථයේ රියැදුරු රථය ආපසු හරවා අතුරු මාර්ගයකට දමා  පලා යාමට තැත් කර ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනා කෙටි මාර්ගයක් ඔස්සේ ගමන් කර තංගල්ල වීරකැටිය මාර්ගයේ අලුත්ගොඩ හන්දිය අසලදී ලොරි රථය නතරකරන ලෙස අණ කළ ද එය නොනවත්වා ධාවනය කර ඇත. 

එහිදී වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් ලොරි රථයේ දකුණු පස ඉදිරි රෝදයට වෙඩි තබා රථය පසුපස හඹා ගොස්  මොහු අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (0)

ගවයින් හොරෙන් ගෙන ගිය අයෙක් ගවයින් 14 ක් සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site