IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ගවයකුගේ ගැටී යතුරුපැදිකරු මරුට

(දයාරත්න ඇඹෝගම)
 
කැබිතිගොල්ලෑව පහළඋස්ගොල්ලෑව අතුරු මාර්ගයේ යතුරු පැදියකින් යමින් සිටියදී ගවයෙකුගේ ශරීරයේ ගැටී බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද(06)දින අලුයම මිය ගිය බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.
 
මිය ගොස් ඇත්තේ පහළ උස්ගොල්ලෑව, කැබිතිගොල්ලෑව පදිංචිව සිටි ජීවන් ජයතිලක නැමති 35 හැවිරිදි ගොවියෙකි.
 
මියගිය පුද්ගලයා පසුගිය තුන්වැනිදා කැබිතිගොල්ලැවේ සිට සිය නිවස පිහිටි උස්ගොල්ලෑවට යමින් සිටියදී ගවයෙකුගේ ශරීරයේ ගැටී බරපතල තුවාල ලබා කැබිතිගොල්ලෑව රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර තිබුණි.
 
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා අද(06) මිය ගොස් තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

ගවයකුගේ ගැටී යතුරුපැදිකරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32415 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14918 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9890 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 107 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 385 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1315 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site