(තිළිණි ද සිල්වා)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුවඉදිරියේ දී කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ යෙදෙන ත්‍රීරෝද රථ රියදුරන්ට විශේෂ පුහුණුවක් ලබා දීමටත්, වෙනම නිල ඇදුම් හා දිය හැකි වෙනත් පහසුකම් ද ලබා දීමටත් අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කීය.
එසේම ගුවන්තොටුපළේ ත්‍රීරෝද රථ සේවාව හඳුනා ගැනීම පහසු වන පරිදි වර්ණ ගැන්වීම කෙරෙහිද අවදානය යොමුව ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කීය.
වෙනත් රටවල ගුවන් තොටුපල ආශ්‍රිතව මෙවැනි සේවාවාන් සඳහා ලබා දී ඇති නිර්ණායකයන්ට අනුව මෙම නියාමනය කිරීම සිදුවන බවද රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රී රෝද රථ රියදුරන් සමඟ පැවති සාකච්ඡාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය. ගුවන් තොටුපළ පුළුල් කිරීමත් සමඟ මෙම ත්‍රීරෝද රථ රියදුරන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීම සඳහා රැස්වීම කැඳවා තිබිණි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම පියවර ගන්නා බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී එම ත්‍රීරෝද රථ රියදුරන් හමුවේ පැවසූයේ කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධ පැමිණිලි රැසක් තමන්ට ලැබී ඇති බවයි.
සංචාරකයන් මුලින්ම මෙරටට පැමිණෙන ස්ථානය වන කටුනායක ගුවන් තොටුපළ ආශ්‍රිතව සිදුවන ඇතැම් ක්‍රියා හේතුවෙන් රට පිළිබඳව විදේශිකයන්ට වැරදි හැගීමක් ඇතිවන බවත් එය රටට නරක නාමයක් ඇතිකරන්නක් හෙයින් මෙවැනි සිද්ධීන් වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට තමා පසුබට නොවන බවත් ඇමතිවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගුවන් තොටුපල අසල ත්‍රිරෝද රථ රියදුරන් නියාමනයට වැඩපිළිවෙළක්
Ruhunu Wednesday, 29 January 2020 10:40 AM
මොනවා කරත් මෙතන ඉන්න අයගෙන් බොහොම ප්‍රවේශම් වෙන්න.