IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගංවතුරින් උතුරේ 1500 ක් ආපදාවට

 

රොමේෂ් මධුෂංඛ
 
පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාත තුළ පවුල් 436 කට අයත් පුද්ගලයින් 1508  දෙනෙකු ආපදාවන්ට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දෙයි.

මේ අනුව අද (09) වන විට ගංවතුර හේතුවෙන් වැඩිම පිරිසක් ආපදාවන්ට පත්ව ඇත්තේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වන අතර එය පවුල් 228 කට අයත් පුද්ගලයින් 836 දෙනෙකු වෙයි.

ඊට අමතරව මුලතිව් දිස්ත්‍රීක්කයේ පවුල් 202 කට අයත් පුද්ගලයින් 647 දෙනෙකු ද වව්නියාවේ පවුල් 5 කට අයත් පුද්ගලයින් 21 දෙනෙකු ද යාපනය දිස්ත්‍රික්කයේ පවුලකට අයත් පුද්ගලයින් සිව් දෙනෙකු ද විපතට පත්ව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.

ගංවතුර ගැලීම හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව සිටින කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තිරුවියාරු හා ආනන්දපුරම් ප්‍රදේශයන්හි ගංවතුරින් නිවාස 16 ක් යට වී ඇති අතර විපතට පත් 300 ක් පමණ දෙනා වෙනුවෙන් කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති තුමන්ගේ අධීක්ෂණයන් පරිදි 7 වැනි පාබල රෙජිමේන්තුවෙන් යුද හමුදා සෙබලුන් විසින් වියළි ආහාර සහ වෛද්‍ය පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත.
 



අදහස් (0)

ගංවතුරින් උතුරේ 1500 ක් ආපදාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 352 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1008 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site