(කේ බුද්ධික කුමාරසිරි )
පාදුක්ක තුන්නාන මහකන්ද ප‍්‍රදේශයේ සිය නිවස පිටුපස ගල්කුලක් කඩමින් නිධන් සෙවූ බව කියන ඉඩම් හිමියා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු නිධන් සෙවීමට යොදා ගත් උපකරණ කිහිපයක් ද සමගින් අද (12) සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි .
පාදුක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත පොලිස් නිළදාරීන් පිරිසක් විසින් වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් මල් පහන් පුදා ගල්කුල කඩා ඇතුලට කණිමින් සිටි බවත් එම අවස්ථාවේදී එක් සැකකරුවෙකු පළා ගිය බවත් පොලිසිය පවසයි.
තමන් පොලොන්නරුව ප‍්‍රදේශයේ දේවාලයක කපු මහතෙකුගෙන් සාස්තරයක් ඇසූ අවස්තාවේදී තම ඉඩමේ කෙලවරට වන්නට නිධානයක් තිබෙන බවට එම කපු මහතා විසින් පැවසූ නිසාවෙන් ගල් කුල කඩා තමන් ඇතුළු පිරිස විසින් නිධන් සෙවූ බවද ඉඩමේ හිමිකරු විසින් පොලිසියට පාපොච්චාරණය කර ඇති බවද පොලිසිය පවසයි.
සැකකරුවන් නිධන් සෙවීමට යොදා ගත් පුද පූජා බාණ්ඩ සමගින් කැණිම් කටයුතු සදහා යොදා ගත් බව කියන ගල් කුළුගෙඩි යකඩ ඉනි උදළු ආදි උපකරණ රැසක් ද තම භාරයට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත
අත් අඩංගුවට පත්ව ඇත්තේ පාදුක්ක තුන්නාන මහකන්ද ප‍්‍රදේහයේම පදිංචි පුද්ගලයින් තිදෙනෙකු වන අතර සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ගෙවත්තේ නිධන් සෙවූ ඉඩම් හිමියා ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට