හිරාන් ප්‍රියංකර ජයසිංහ
නවගත්තේගම ගල්ගමුව මාර්ගයේ ගල්වංගුව පාලමට අද (3) කැබ් රථයක් පෙරළී ඇතත් එහි කිසිවකුටත් හානි සිදුව නැති බව නවගත්තේගම පොලිසිය පවසයි.
මීගමුව සිට මන්නාරම දක්වා ගමන් කරමින් තිබු මෙම කැබ් රථය ගල් වංගුව පටු පාලම ආසන්නයේ දී වෙනත් වාහනයකට මාර්ගය ඉඩදීමට යාමේදී මෙලෙස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබේ.
අදාළ කැබ් රථය හලාවත ප්‍රදේශයේ ඉස්සන් මිළදී ගන්නා පෞද්ගලික ආයතනයකට අයත් බවත් මන්නාරම සිට ඉස්සන් මීගමුවට රැගෙන විත් එම තොගය ලබා දී ආපසු මන්නාරමට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ රියදුරු සමඟ සහයකයා ද ගමන් කර ඇති නමුත් ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නැති නමුත් කැබ් රථයට බරපතල හානි සිදුව ඇති බව නවගත්තේගම පොලිසිය පවසයි.


2025 දෙසැම්බර් මස 18
396
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
230
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල් පාලමෙන් පෙරළෙයි