(සිරංගිකා ලොකුකරවිට)
ලෝක උරුමයක් වන ගාල්ල කොටුව කැළිකසලින් තොර කලාපයක් කිරීමේ වැඩසටහනක් අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ගාලු උරුමය පදනම පවසයි.
මේ සම්බන්දව අදහස් දක්වමින් එම පදනමේ ව්‍යාපෘති නිලධාරී තරංග ලියනආරච්චි මහතා පවසන්නේ කොටු බැම්මේ අවිධිමත්ව කසල බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවයි.
පරිසර පොලිසිය හා එක්ව මෙම කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසයි.
කොටු බැම්මේ තැන තැන දමා ඇති කසල එකතු කිරීම සඳහා සේවකයෙකු යොදවා ඇති අතර කොටුව ඇතුලත ස්ථාන කිහිපයක කසල බඳුන් තබා ඇත.
මේ අනුව අප්‍රේල් පළමුවැනිදා සිට අවිධිමත්ව කසල බැහැර කරන්නන් නිරීක්ෂණය කර නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි තරංග මහතා පවසයි. සංචාරකයින් බැහැර කරන කැලිකසල හේතුවෙන් පසුගිය කාලයේ කොටුව ඇතුලත දැඩි ලෙස අපවිත්‍රව පැවති බව පවසන තරංග මහතා වැඩි දුරටත් සඳහන් කරන්නේ ලෝක උරුමයක් වන ගාල්ල කොටුව සංචාරක ආකර්ෂණ ප්‍රදේශයක් ලෙස සුරක්ෂිත කිරීම සඳහා මෙම පියවර අනුගමනය කරන්නට සිදුවී ඇති බවයි.
කොටුව ඇතුළට කසල රැගෙන නොඑන ලෙසත් රැගෙන එන කසල විධිමත්ව බැහැර කරන ලෙසත් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ගාලු උරුමට පදනම ඉල්ලා සිටී.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාලු කොටුව කසලවලින් තොර කිරීමේ වැඩසටහනක් හෙට සිට