(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ආරක්ෂිත සතුන් වන ගල් ඉබ්බන් සහ කිරි ඉබ්බන් විකිණීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු අද(26) ජා ඇල තුම්මෝදර සහ පස්යාල කලල්පිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ජා ඇල තුම්මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ පස්යාල කලල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
තුම්මෝදර ප්‍රදේශයේ නිවසක විකිණීම සඳහා ගල් ඉබ්බන් සිටින බවට ලද තොරතුරක් අනුව මුතුරාජවෙල අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කළ වැටලීමේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල් ඉබ්බන් තිදෙනෙකු සහ කිරි ඉබ්බන් දෙනෛකු ඔවුන් අතර තිබියදී සොයාගෙන ඇත.
ගල් ඉබ්බන් වැලිසර මහේස්ත්‍රත් අධිකරණයේ නියෝග මත අද දෙහිවල සත්ව උද්‍යානයට බාරදී තිබේ.
මෙම ඉබ්බන් මස් පිණිස විකිණීමේ අරමුණින් ලඟ තබාගෙන සිටි බව මූලික පරීක්ෂණයේදී හෙළිවී වූ බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ බස්නාහිර පළාත් කාර්යාලය කියයි.
සැකකරු ඇපමත මුදා හැර ඇති අතර මාර්තු මස 27 වැනිදා නඩු පැවරීමට නියමිත බවද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
845
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2488
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1785
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගල් ඉබ්බන් විකිණීමට ගිය දෙදෙනෙකු අත්අඩංගුවට