IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගලේවෙල ලූනු ගොවියා කබලෙන් ලිපට


 
 
(මොහොමඩ් බුහාර්ඩින්)
 
පසුගිය කන්නයේ දී වගාකළ ලොකු ලූනු බීජඇට රජයට ලබාදීමේ වැඩසටහනේ පැවති ගැටලු නිසා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලොකු ලූනු බීජ ගොවීහු දැඩි අපහසුතාවයට පත් ව සිටිති.


ලොකු ලූනු අස්වැන්න වැඩි කිරීමේ අරමුණින් රජය විසින් රු. 9000 වටිනා ඇට කිලෝවක් 50%  දක්වා රු. 4500කට ගොවීන්ට බෙදාහරිනු ලැබීය.


ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ලොකු ලූනු බීජ වගාකළ ගොවීන්ගෙන් රජය ඒවා මිලදි ගනු ලබයි. 
මෙම වැඩසටහනෙන් තමන් දැඩි අසීරුතාවයට පත් වූ බව ගලේවෙල ලොකු ලූනු බීජ නිෂ්පාදනය කළ ගොවීහු පවසති.
ගලේවෙල පට්ටිවෙල මහා පරිමාණ ලොකු ලූනු බීජ නිෂ්පාදන ගොවි මහතෙකු වූ ජී. රත්නපාල මහතා මෙසේ පැවසීය.


‘මම පසුගිය කන්නයේ රජයේ මෙම වැඩසටහනට ලොකු ලූනු ඇට කිලෝ 400 විතර විකුණුවා. තවම ඒවට මුදල් ලැබුණේ නැහැ. වැඩසටහන පටන් ගත්ත වෙලේ අපට නිලධාරින් කිව්වේ ලොකු ලූනු බීජ අක්කරයක් වගා කරලා තිබුණොත් රු. 9000 ගෙවනවා, ඒ  බීජ අලෙවි කළ ගොවියා අතටම දෙනවා කියලා. 


හැබැයි දැන් නිලධාරීන් කියන්නේ ඒ 9000 ගෙවන්නේ ලොකු ලූනු වගා කළ ගොවියාට කියලයි. එතකොට බීජ ගොවියාට අර ලොකු ලූනු වගා කළ ගොවියාගේ පස්සේ දුවන්න වෙලා. රජයෙන් කියලා තියෙන්නේ මේ වනවිට ලොකු ලූනු අක්කරේකට රු. 9000 දෙන්නේ කියලා. එතනදී රජයේ නිලධාරින් කිව්වේ බීජ ඇට කිලෝ 2 කින් ලොකු ලූනු අක්කරයක් හදන්න පුළුවන් කියලයි. හැබැයි ලොකු ලූනු ඇට කිලෝ 2 කින් ලූනු අක්කරයක් වගා කරන්න අමාරුයි. සමහර ගොවීන් ඇට කිලෝ  4 අපෙන් අරගෙන ගිහින් වගා කරලා තියෙන්නේ. එතකොට ඔවුන්ට හම්බවෙන්නේ රු 9000යි. ඉතුරු 9000 නොලැබීම නිසා ඔවුන් හා අපි දැඩි අපහසුතාවයට පත් වෙනවා. වැහැලා වගා හානි වුණොත් ඒ මුදලත් ලැබෙන්නේ නැහැ.


පසුගිය යලේදී අපිත් ලොකු බලාපොරොත්තුවකින් තමයි ලොකු ලූනු බීජ නිෂ්පාදනය කළේ. මැයි මාසේ රජයේ මේ වැඩසටහනට අපි බීජ අලෙවි කළා. හැබැයි දැන් ඊළඟ කන්නේ පටන් ගන්න යනවා. තවම අපට මුදල් ලැබුණේ නැහැ. රජය ලොකු ලූනු වගාව වැඩි කරන්න යනවිට ලොකු ලූනු බීජ ගොවියාත් රැකගන්න ඕනේ.  ඔවුනුත් දුක් මහන්සි වෙලා ණය තුරුස්වෙලා තමයි මේ බීජ නිපදවන්නේ. වගකිවයුතු අංශ මැදිහත් වෙලා ලොකු ලූනු බීජ ගොවියාගේ මේ ගැටලුව විසඳා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා’.


ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලොකු ලූනු බීජ ගොවියෝ 30 දෙනෙකු පමණ  මෙම ගැටලුවට මුහුණ පා සිටින බවත් ගොවීන් විසින් රජයට ලොකු ලූනු බීජ ඇට කිලෝ 3000 පමණ අලෙවි කර ඇති බවත් රත්නපාල මහතා කියා සිටියේය.



අදහස් (0)

ගලේවෙල ලූනු ගොවියා කබලෙන් ලිපට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site