IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගලේවෙල කොස්පොත කන්දේ ගින්නක්

මොහොමඞ් බුහාර්ඩින්

ගලේවෙල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ බෙලිගමුව කොස්පොත කන්දේ ඇතිවූ ගින්නෙන් රක්ෂිතයේ අක්කර 30 කට ආසන්න ප‍්‍රමාණයක් විනාශ වී ඇතැයි ගලේවෙල බීට්ටු වන නිලධාරි අයි.එම් දයාන්නද මහතා පවසයි.

අද (18) මෙම රක්ෂිතයට ඇතුලූ වු දඩයක්කරුවෙකු හෝ ගවයින් බලා ගන්නෙකු මෙහි තිබූ මානා පඳුරකට ගිනි තැබීම හේතුවෙන් මෙලෙස බෙලිගමුව රක්ෂිතය පුරාම ගින්න පැතිර ගොස් ඇතැයි වන නිලධාරිහු කළ විමර්ශනයේදි හෙලි වී තිබේ.

පවතින අධික සුළඟ හා කඳු ප‍්‍රදේශයක් වීම හේතුවෙන් ගින්න පැතිර යාම වේගවත් වී ඇති බවත් නිලධාරීන්ට ලඟා වීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවි ඇති බවත් කෙසේ හෝ බෙලිගමුව රජයේ ගොවිපොලේ කාර්යාල මණ්ඩලය හා ගම්වාසින් එක්ව ගින්න නිවා දැමීමේ කටයුතු ආරම්භ කර ඇතැයි බීට්ටු වන නිලධාරි අයි.එම් දයාන්නද මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ගින්න හේතුවෙන් රක්ෂිතයේ තිබූ වටිනා ඹෟෂධ පැලැටි හා සතුන්ටද හානි සිදුවී ඇතැයි ගම්වාසිහු පැවසුහ.



අදහස් (0)

ගලේවෙල කොස්පොත කන්දේ ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site