IMG-LOGO

ගාල්ලේ 15,865ක් පීඩාවට

(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
 
අධික වැසි තත්වය හේතුවෙන්  අද(25) වනවිට   ගාල්ල දිස්ත්‍රික්කයේ  ග්‍රාම නිලධාරී වසම් 289ක, පවුල් 4066ක, පුද්ගලයින් 15,865දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මේජර් ඉන්දුක වික‍්‍රමසිංහ මහතා පැවසීය.
 
මෙයින් අවතැන්වූ  පවුල් 62 ක සාමාජිකයින් 177 දෙනෙකු වෙනුවෙන් සුරක්ෂා මධ්‍යස්ථාන 3 ක් පවත්වාගෙන යන බවද සහකාර අධ්‍යක්ෂකවරයා කීය.
 
ගාල්ල කඩවත් සතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පියදිගම ග‍්‍රාම නිලධාරි වසමේ සුධර්මාරාම විහාරස්ථානයේ, මිලිද්දුව ග‍්‍රාම නිලධාරි වසමේ  සුදර්ශනාරාම විහාරස්ථානයේ සුරක්ෂා මධ්‍යස්ථානයේ සහ බද්දෙගම කොකාවල සිරි සදහම් විහාරයේ මෙම සුරක්ෂා මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබයි. මෙ මගින්  අවතැන් වූ ජනතාවට ආහාර, ඉ`දුම් හිටුම් සහ  සනීපාරක්ෂක පහසුකම් යනාදිය සලසා ඇති බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
 
මේ වනවිට ගිං ගගේ බද්දෙගම ජල මාපකයේ ජල මට්ටම 4.84 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙය සුළු ගංවතුර තත්වයක් ඇතිවීමේ ප‍්‍රවනතාවක් බවත් තවලම ජල මාපකයේ අගය 3.29 ක් බවද එය සාමාන්‍ය තත්වයක් බවද එ මහතාපැවසීය.
 
ගාල්ල දිස්ත‍්‍රික්කයට මේ වනවිටත් තද වැසි වැටෙමින් පවතී.



අදහස් (0)

ගාල්ලේ 15,865ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 102 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site