IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 19 කින් සම්මතයි

(ජේ.කේ.එල් චාමින්ද සහ ඩි.ජි සුගතපාල)

ගාල්ල මහ නගර සභාවේ 2020 වර්ෂය සඳහා වූ අයවැය ලේඛනය අද (13) පැවති ගාල්ල මහ නගර සභා රැස්වීමේ දී වැඩි ඡන්ද 19 කින් සම්මත විය.

රැස්වීම නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල මහනගර සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 22 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 03 ක් ලැබුණි.

ගාල්ල මහනගරධිපති ප්‍රියන්ත සහබන්දු මහතා විසින් 2020 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැය ලේඛනයට පක්ෂව නගරාධිපති ප්‍රියන්ත සහබන්දු,  මහතා සමඟ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 12 දෙනෙකු, නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා සමඟ එජාප මන්ත්‍රීවරු 07 දෙනෙකු සහ ස්වාධීන මන්ත්‍රී අනුරාධ ගයාන්, එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ලක්මාල් ජයවර්ධන යන මහත්වරු හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීනි රෝහිණි චන්ද්‍රකාන්ති මහත්මිය ඡන්දය ප්‍රකාශ කළහ.

අයවැයට විරුද්ධව සුනිල් ගමගේ මහතා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු 03 දෙනා ඡන්දය ප්‍රකාශ කළහ.

ඡන්දය විමසන අවස්ථාවේ  එජාපයේ ජිලිත් නිශාන්ත මහතා සමඟ  එජාප මන්ත්‍රිවරු ‍06 දෙනෙකු   සභාවේ  නොසිටි අතර එජාප මන්ත්‍රී ගුණසෝම ගමගේ මහතා අද පැවති නගර සභා රැස්වීමට සහභාගි නොවිය. 

එමෙන්ම ඡන්දය විමසන අවස්ථාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කැළුම් සෙනෙවිරත්න, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී දේශප්‍රිය ලියනගේ යන මහත්වරු සභාවී නොසිටියහ.

 



අදහස් (0)

ගාල්ල මහ නගර සභාවේ අයවැය වැඩි ඡන්ද 19 කින් සම්මතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31987 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14441 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site