IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ගාල්ල මහනගර සභාව කසළ එකතුකිරීම තාවකාලිකව නවතයි

(ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් බැහැරවන කසළ එකතු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදුවී ඇති බව ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසයි.
 
රත්ගම, පන්විල මොන්රොවියාවත්ත කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසළ භාර නොගැනීම හේතුවෙන් කසළ රැස්කිරීම නැවතීමට සිදුව ඇතැයිද ඒ මහතා කීය.
 
මොන්රෝවියාවත්ත කසළ මධ්‍යස්ථානයට අද (16)  කැළිකසළ රැගෙන ගිය නගරසභාවට අයත් වාහන අධිකරණ නියෝගයක් ඇති බැවින් නැවත හරවා එවා ඇති  බවද නගරාධිපතිවරයා පැවසීය. ගාල්ල මහනගර සභා බලප්‍රදේශය තුළ කැළිකසල බැහැරකිරීම සඳහා කිසිදු ස්ථානයක් නොමැති බවත්, මෙම තත්වය හේතුවෙන් කසළ එකතුකිරීම තාවකාලිකව නතරකිරීමට සිදුවන බවත් නගරාධිපති ප්‍රියන්නසහබන්දු මහතා සඳහන් කළේය.
 
රත්ගමපන්විල මොන්රෝවියා වත්තේ කසළ ප්‍රතිචක්‍රීකරණ  මධ්‍යස්ථානයට කසළ ප්‍රවාහනය කිරීමත් එම මධ්‍යස්ථානයට කසළ බාර ගැනීමත් තහනම් කරමින් ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා දකුණු පළාත් පාලන කොමසාරිස්වරයාටත් කසළ ප්‍රතිචක්‍රියකරණ මධ්‍යස්ථානයේ බාරකරුටත් ඉකුත්(14) කොන්දේසි සහිත ආඥාවක් ද නිකුත්  කර තිබුණි.
 
මහ නගරාධිපතිවරයා මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේද කිවේය.
 
“පළාත් පාලන කොමසාරිස්තුමාගෙන් මා  කළ විමසීමකදි ඔහු කීවා මේ ගැන  කරුණු කියන්න කියලා. 21 වැනිදාට ඔහු  අධිකරණයට  කරුණු කියන්න බලාපොරොත්තුවන බව කීවා. ඒවනතෙක් ගාල්ල නගර සීමාව තුළ බැහැරවන කසළ එකතුකරලා දමන්න තැනක් නැහැ. ඒ නිසා කුණු එකතුකිරීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසා කසළ රැස්කිරීම තාවකාලිකව නතර කිරීමට  තීන්දු කළා. දිනකට කසළ ටොන් 50ක් විතර  නගරසභා බල ප්‍රදේශයෙන් එකතුවෙනවා. ග්‍රාම නිලධාරි වසම් 43ක නිවාස ඒකකවල කසළ එකතුකරනවා. කරාපිටිය රෝහල, ගාල්ල බන්ධනාගාරය, යුද හමුදා කඳවුර, නාවික හමුදා කඳවුරු, නිවාස සංකීර්ණවල කසළ එකතුකරන්නේ  නගර සභාව මගින්. අපිට කසළ දමන්න කිසිදු තැනක් නැහැ. ඒ නිසා එය නතර කිරීමට සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

යැයිද නගරාධිපතිවරයා සඳහන් කළේය.

 



අදහස් (0)

ගාල්ල මහනගර සභාව කසළ එකතුකිරීම තාවකාලිකව නවතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site