(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට තම දරුවන් ඇතුළත් කර නොගත්තා යැයි කියමින් ගාල්ලේ දෙමාපියන් පිරිසක් ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවය අද (4) තෙවැනි දිනටත් එම විද්‍යාලය ඉදිපිටට පැවැත්විණ.
මෙලෙස විරෝධතාවයේ නිරතව සිටින්නේ ගාල්ල නගරයේ වෙල්සන්පුර ස්ථිර පදිංචිකරුවන් පිරිසකි.
ඔවුන් පවසන්නේ තමන් දශක ගණනාවක් තිස්සේ වෙල්සන්පුර පදිංචිව සිටියදී වලංගු ඔප්පු නැතැයි කියමින් දරුවන් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට ඇතුළත් කර නොගන්නා බවයි.
මෙය බලවත් අසාධාරණයක් බවත් එයින් තම දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් මෙම දෙමාපියෝ චෝදනා කරති.
මේ සම්බන්ධව අදහස් දක්වමින් සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ විදුහල්පතිනී සන්ධ්‍යා පතිරවසම් මහත්මිය පවසන්නේ තමන් චක්‍රලේඛ අනුව කටයුතු කර ඇති බවයි. මේ ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම්වත් කර ඇති බවද එම උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදුකරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ මව්පියවරු පාරට බසිති