IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ගාල්ලේ පළාත් පාලන ආයතන හතරක කසළ එකතුකිරීම නවතී

(ඩී.ජී.සුගතපාල)

රත්ගම මොන්රෝවියාවත්තේ කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට කසළ බැහැර කිරීම තහනම් කරමින් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කරනලද තහනම් නියෝගයක් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන හතරක කසළ එකතු කිරීම තාවකාලිකව නවතා දැමීමට සිදුවී තිබේ.

මේ  පිළිබඳව  දකුණු පළාත් පාලන නියෝජ්‍ය කොමසාරිස්වරියගෙන් විමසුවිට කියා සිටියේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදී ඇති තහනම් නියෝගයක් නිසා මේ තත්ත්වය ඇතිවී තිබෙන බවත් ඉදිරියේ ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තුවන බවත්ය.

රත්ගම ,හික්කඩුව, බෝපෙ පෝද්දල යන ප්‍රාදේශීය සභා තුනේද  ගාල්ල නගර සභාවේද  කසළ වසර කිහිපයක් තිස්සේ බැහැර කරනු ලැබුවේ රත්ගම මොන්රෝවියා වත්තේ මෙම කසළ මධ්‍යස්ථානයට වන අතර එයට ප්‍රදේශවාසීහු දැඩි විරෝධයක් එල්ල  කළහ.

මේ නිසා ප්‍රදේශවාසින් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඉකුත් 14 වනදින රත්ගම පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ මෙම කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය නිසා අවට පදිංචිකරුවන්ට දෛනික කටුයුතු කරගෙන යාමට නොහැකිවී ඇති බවත් දැඩි දුර්ගන්ධයක් පවතින් බවත් , ලිං ජලයට අපද්‍රව්‍ය මුසුවී කුඹුරු අස්වැද්දීමටද නොහැකිව ජනතාව අපහසුවට පත්ව ඇති බවත්ය.

එම නිසා කසළ මධ්‍යස්ථානයට ගෙන එනු ලබන සියලුම කසළ ගෙන ඒම වැළැක්වීම සඳහා අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 98 (1) වගන්තිය යටතේ කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලෙසද පොලිසිය ඉල්ලා සිටියේය.

කසළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට ගෙන එනු ලබන ඝණ අපද්‍රව්‍ය මහජනතාවගේ කායික සුවයට හානිකරන බවත් එම කසළ මධ්‍යස්ථානයට ගෙන එනු ලබන සියලු කසළ ප්‍රවාහනය කිරීම වළක්වාලමින් ජනවාරි 21 වැනි දින දක්වා බල පැවැත්වෙන පරිදි දකුණු පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු සහ කසළ මධස්ථානයේ භාරකරු බුද්ධික පතිරණ යන මහත්වරුන් වෙත මෙසේ කොන්දේසි සහිත ආඥාවක් මහේස්ත්‍රාත්වරයා නිකුත් කළේය.

මොන්රෝවියාවත්තකසළ මධ්‍යස්ථානයට ඊයේ (16) කැළිකසළ රැගෙන ගිය ගාල්ල නගරසභාවට අයත් වාහන නැවත හරවා එවා ඇති බවද නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පැවසීය.

ගාල්ල මහනගර සභා බලප්‍රදේශය තුළ කැළිකසල බැහැරකිරීම සඳහා කිසිඳු ස්ථානයක් නොමැතිබවත් මෙම තත්ත්වය හේතුවෙන් කසළ එකතුකිරීම තාවකාලිකව නතරකිරීමට සිදුවන බවත් නගරාධිපති ප්‍රියන්න සහබන්දු මහතා සඳහන් කළේය.

කරාපිටිය රෝහල ,මහමෝදර රෝහල , ගාල්ල බන්ධනාගාරය, යුද හමුදා කඳවුර, නාවික හමුදා කඳවුරු, නිවාස සංකීර්ණ,වෙළඳසල්වල කසළ එකතුකර ගාල්ල නගර සභාව විසින් බැහැර කරනු ලැබුවේ මෙම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයටය.



අදහස් (0)

ගාල්ලේ පළාත් පාලන ආයතන හතරක කසළ එකතුකිරීම නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31884 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11186 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1194 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site