(ඩී. ජී. සුගතපාල)
ගාල්ල පොලිස් වසම තුළ අද (01) සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී සැකපිට පුද්ගලයින් 18දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගේ සංඛ්‍යාව 46කි.
ගිංතොට, දංගෙදර, ආදි ප්‍රදේශවල කරන ලද මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් අතර දෙමටගොඩ, කෙසෙල්වත්ත, වැලිගම සහ කාතන්කුඩි යන ප්‍රදේශවල පදිංචිකරුවන් කිහිප දෙනෙකු ද වන බව පොලිසිය පවසයි.
දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් සිව්දෙනෙකු මැයි 24 දක්වා රඳවා තබා ගැනීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පේමරත්න තිරාණගම මහතා ගාල්ල පොලිසියට අවසර ලබාදී ඇත. තවත් සැකකරුවන් කිහිපදෙනෙකු රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.
දර්ගානගරයේදි අත් අඩංගුවට ගෙන ඇති අයි. එස්. අයි. එස්. සංවිධානයට සම්බන්ධ සැකකරු ගාල්ල දංගෙදර පල්ලියට රාත්‍රියේ පැමිණ මුස්ලිම් දේශයක් නිර්මාණය කිරීම සඳහා අයි.එස්.අයි.එස්.සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් පිළිබඳව දේශන පවත්වා ඇති බවත් ඔහුව කැඳවා ඇත්තේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවෙකු විසින් බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ බවට සැකකරන තවත් පුද්ගලයින් සන්තකයේ තිබී අරාබි බසින් මුද්‍රණය කරන ලද පොත්, පත්‍රිකා සහ ත්‍රස්ත ප්‍රහාර දර්ශන ඇතුළත් ජංගම දුරකතන කිහිපයක්ද සොයාගෙන ඇත.
අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගාල්ල පොලිස් වසමෙන් සැකපිට 18ක් අත්අඩංගුවට