IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදයේ සහයෝගය මහින්දට

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)

අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදයේ පුර්ණ සහයෝගය  හිමිවන බැව් එම සංසදයේ සභාපති හා අක්මිමන ප්‍රා දේශිය සභාවේ සභාපති සේන කළහේවත්ත මහතා පවසයි.


අද (03)පස්වරුවේ  අක්මිමන ප්‍රා දේශිය සභා කාර්යාලයේ පැවති  ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පළාත් පාළන මන්ත්‍රි  සංසදය මගින් සංවිධානය කොට තිබු මාධ්‍ය හමුවකදි හෙතෙම මේ බව සදහන් කළේය.    


මෙම මස 05 වැනිදා පැවැත්වෙන රටම රකින ජන මහිමය  ජන රැළිය සදහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් දැවැන්ත ජනතාවක් සහභාගිකරවිමට පළාත් පාළන මන්ත්‍රි සංසදය තින්දු කොට ඇති බවද කළහේවත්ත මහතා පවසයි.


ඉදිරියේ කුමන මැතිවරණයක් පැවතියද මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් බිහිවන සන්ධානයකට පළාත් පාළන මන්ත්‍රි සංසදයේ පුර්ණ සහයෝගය ලබාදෙන බවත් ගාල්ල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයා ලෙස දොස්තර් රමේෂ් පතිරණ හා නියෝජ්‍ය නායකයා වශයෙන්  මොහාන් පි ද සිල්වා යන මන්ත්‍රිවරුන්ගේ  නායකත්වයෙන් සියලු සංවිධාන කටයුතු සිදුකරණ බවද  කළහේවත්ත මහතා පවසයි.


 හෙතෙම මේසේද පැවසිය.


‘‘අපි 05 වැනිදා කොළඹට ජනගංගාවක් ගෙනියනවා.  ජනතා බලය මගින්   රජයේ හා   අගමැති ධුරයේ  ස්ථාවර බව අපි පෙන්වනවා. යහපාලන  රජය පලවාහරින්න කියලා ජනතාව කාලයක සිට ඉල්ලුවා. ප්‍රමාද වි හෝ  මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය සදහා  මහින්ද රාජපක්ෂ මහතා පත් කිරිමට හොද තින්දුවක්  අරගෙන තියෙනවා. අපේ දිස්ත්‍රික් නායක රමේෂ් පතිරන හා නියෝජ්‍ය නායක මොහාන් පිද සිල්වා යන මන්ත්‍රිවරු තනතුරු  ගන්නේ නැහැ.  රට බේරා ගැනිම තමයි අවශ්‍ය. අපි දෙගොල්ලන් එකතුවුවද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන බලවේගය ලෙස ඉදිරියටත් ගෙනි යනවා.. ශ්‍රි ලංකාපොදුජන පෙරමුණ සමග අතරමං වන්නේ  නැහැ..‘‘
 යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති චන්දිම ලියනගේ මහතා මෙසේ පැවැසීය.

 

‘‘ප්‍රජාතන්ත්‍රවාදි විරෝධි විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා  අරගලියගහ මන්දිරයේ තවම රැදි සිටිනවා. ජ.වි.පේ  රනිල්ට කඩේ යනවා  ජ.විපේට කියෙන්නේ මහින්ද රාජපක්ෂ එක්ක වෛරයක්. රට ගැන හැඟීමක් නැහැ.  ජ.වි.පේ  නායක රෝහණ විජේවිර එජාපයෙන් තමයි ඝාතනය කළේ...   එවැනි පක්ෂයක් තමයි එජාපයට කඩේ යන්නේ. වාමංශික ව්‍යාපාරයත් අද ජ.වි.පේ විනාශ කරනවා.  අද රනිල් අගමැති කරන්න උත්සාහ කරනවා.  මේ වෙනසට වැඩිම කලබලවුයේ  අනුරකුමාර දිසානායකයි...‘‘


 අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපති අනුර ප්‍රදිප්, හබරාදුව ප්‍රා දේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගම, තවලම  ප්‍රා දේශිය සභාවේ සභාපති බන්දුල විජේසේකර  බෝපේ පොද්දල ප්‍රා දේශිය සභාවේ සභාපති දිල්රුක් අබේකොන් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වුහ.



අදහස් (0)

ගාල්ල දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රි සංසදයේ සහයෝගය මහින්දට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site