IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ගාල්ලේ ඩෙංගු රෝගය උත්සන්න වීමේ අවදානමක්

(සිරංගිකා ලොකුකරවිට, ඩී.ජී.සුගතපාල, ජී.ඩබ්.කේ.ප්‍රේමතිලක ද සිල්වා) 

2019 වර්ෂයේ මැයි මාසය වනවිට ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඩෙංගු මරණ හතරක් හා ඩෙංගු රෝගීන් 1700ක් වාර්තා වී ඇති බවත් පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් ඉදිරි මාසය ඇතුළත දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය උත්සන්න වීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

වර්ෂාපතන රටාවත් මේ වනවිට වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවත් අනුව මෙම ප්‍රකාශය සිදුකරන බවත් මේ පිළිබඳව දැඩි වගකීමකින් ක්‍රියා නොකලහොත් බරපතල ගැටළුවකට මුහුණපෑමට සිදුවනු ඇති බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීය.

ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අද (27) පැවැත්වූ අවස්ථාවේදී අදහස් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එම කමිටුව සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

එහිදී අධ්‍යක්ෂවරයා මෙසේ ද පැවසීය,

“ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, බලපිටිය හා ගාල්ල නගර සභා බලප්‍රදේශවල ඩෙංගු රෝගීන් වැඩිවීමේ දැඩි අවදානම් තත්ත්වයක් මතුවී තිබෙනවා.

හබරාදුව, බෝපෙ ,පෝද්දල, කරන්දෙණිය, හික්කඩුව, බද්දේගම, ඇල්පිටිය, බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද අවදානම් තත්ත්වයකින් රෝගීන් වාර්තා වනවා. රෝගීන් වාර්තා වීම මේ විධියට වැඩි වුණොත් විශාල ගැටලුවකට මුහුණ පාන්න වෙනවා.

පවතින වර්ෂාපතන රටාවත් මෙම තත්ත්වය වර්ධනය වීමට බලපානවා. සීඝ්‍ර පාලනයකට නොගියොත් රෝගීන් විශාල වශයෙන් වැඩිවීම වළක්වාගත නොහැකියි. දිස්ත්‍රික්කය පුරාම අප විසින් සිදුකළ කීට විද්‍යා පරීක්ෂණ අනුව ගෙවල් 100ක් පරීක්ෂා කළොත් එයින් ගෙවල් 50ක ඩෙංගු කීටයන් හමුවෙනවා.

ඉදිකිරීම් වැඩබිම් වල තත්ත්වය මීට වඩා දරුණුයි. වතුර එකතුවන කොන්ක්‍රීට් තට්ටුමත විශාල වශයෙන් ඩෙංගු කීටයන් සිටිනවා. පරීක්ෂා කළ ඉදිකිරීම් වැඩබිම් වලින් සියයට 50ක ඩෙංගු කීටයන් හමුවුණා. රජයේ ආයතන වලත් පූජ්‍යස්ථාන වලත් විශාල වශයෙන් කීටයන් හමුවනවා.

දිස්ත්‍රික්කය පුරාම කසල එකතුකිරීමේ හා බැහැර කිරීමේ ගැටළුවක් තිබෙනවා. ඒ නිසා සියලු දෙනාම මේ සම්බන්ධව දැඩි වගකීමකින් යුතුව ක්‍රියා කළ යුතුව තිබෙනවා.”

තත්ත්වය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් මේ වනවිට විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකව පවතින බවත් පළාත් පාලන ආයතනවලින් කසල එකතුකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බවත් අධ්‍යක්ෂවරයා මෙහිදී  අවධාරණය කර සිටියේ ය.

 



අදහස් (0)

ගාල්ලේ ඩෙංගු රෝගය උත්සන්න වීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32289 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14786 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 84 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 365 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1287 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site