IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගාල්ලේ ජල සැපයුම යථා තත්ත්වයට

සිරංගිකා ලොකුකරවිට
 
ගාල්ල නගරයේ පානීය ජල සැපයුම් පද්ධතියේ මඩ මිශ්‍රිත ජලය පැමිණීම හේතුවෙන් හදිසියේම අත්හිටුවීමට සිදුවූ පානීය ජල සැපයුම අද රාත්‍රී 10.00 සාමාන්‍ය තත්ත්වයට පත්කළ හැකිබව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ගාල්ල කලාප කළමනාකරු එම්.කේ.ලෙස්ටි මහතා පවසයි.

 
ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වක්වැල්ල ජල පිරිපහදුවේ සිට ගාල්ල බීක්කේ ජල ටැංකියට ජලය ගෙන යන නල තුනකින් එක් නලයකට මඩ මිශ්‍රවීම හේතුවෙන් බීක්කේ ටැංකියට මඩ පිරී තිබූ බවයි. ඒවා  බෙදාහැරීමේ නල මාර්ග ඔස්සේ ගමන් කිරීමෙන් කරාමවලින් ගන්නා ජලයට ද මඩ මිශ්‍රවී තිබී ඇත.
 
ඒබැවින් අද උදැසන සිට බීක්ක ටැංකියේ මඩ ඉවත්කර සෝදා පිරිසිදු කළ බවත් එම ටැංකියට ජල පිරිපහදුවේ සිට ජලය රැගෙන එන මඩ මිශ්‍රවී තිබූ නලය සෝදා පිරිසිදු කළ බවත් ඔහු පැවැසීය. මේ වනවිට අනෙක් නල දෙකෙන් බීක්කේ ටැංකියට ජලය පුරවමින් තිබෙන අතර රාත්‍රී 10.00න් පසු නගරයට පානීය ජලය ලබාගත හැකිවන බවද හෙතෙම කියා සිටියේය.
 
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කරාපිටිය ශික්ෂණ රෝහලට වෙනත් නල මාර්ගයක් ඔස්සේ ජලය අඛණ්ඩව ලබාදුන් බවයි. තවද ජලය ලබාගැනීමට පැමිණෙන බවුසර් සඳහා ද වක්වැල්ල ජල පිරිපහදුවෙන් නොමිලයේ ම ජලය ලබාදුන් බව ද හෙතෙම පැවසීය.



අදහස් (0)

ගාල්ලේ ජල සැපයුම යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site